Friday, May 23, 2014

free mouse pad

අද කියන්න යන එක ගැන නම් සමහරවිට
යාලුවෝ දන්නවත් ඇති. එත් නොදන්න අයටයි මම අද
මේ කියලා දෙන්න හදන්නේ. අද කියන්න
යන්නේ නොමිලේම Mouse Pad ( මවුස් පෑඩ් )
එකක් අපේ ගෙදරටම ගෙන්න
ගන්න පුලුවන් පොඩි ක්රමයක් ගැනයි. අද
කාලේ ඉන්න කිරි බොන පොඩි එකත්
දන්නවා මවුස් පෑඩ් එකක් කියන්නේ මොකක්ද
කියලා. ඉතිං මවුස් පෑඩ්එකක් කියන්නේ මොකක්ද
කියලා මම අමුතුවෙන් කියන්න ඕනයැ..
මවුස් පෑඩ් එකක් කියන්නේ නම් එච්චර
වටිනා දෙයක් නෙමෙයි. ඒත් මේක
නොමිලේ ලැබෙන චාන්ස් එකක් නිසා අතාරින්න
එපා. නොමිලේ දෙනවා කිව්වොත්, කස්ටිය කඩු
පාරක් උනත් කන්න ලෑස්තියි කියලා මම දන්නවා.
බොරු ඕන නෑ, මමත් දැන් මවුස් පෑඩ් 2 ක්ම
ගෙන්න ගෙන තියෙන්නේ. ඔයාලත් ගෙන්න
ගෙන බලන්නකෝ. දැන් මේක බොරුවක්
කියලා හිතෙන අයට, මම මේක ඇත්තක්
කියලා ඔප්පු කරන්නම්.
මෙන්න මේ යට තියෙන්නේ මම ගෙන්න ගත්ත
මවුස් පෑඩ් එක.
දැන් කස්ටියට එහෙනම් මේක විස්වාසයිනේ....
හරි හරි දැන් අපි post එක පැත්තට යමුකෝ....
කරන්න තියෙන්නේ පොඩි දෙයයි.
මේ විදියට ගෙදරටම මවුස් පෑඩ් එකක් ගෙන්න
ගන්න අපිට උදවු වෙන්නේ TomTop කියලා වෙබ්
සයිට් එකක්. අපි මේකට ගිහින් Register උනාම අපිට
Points 70ක් හම්බ වෙනවා. ඒ Point අපිට වැදගත්
වෙන්නේ ඇයි කියලා ඉදිරි පියවරකදි මම විස්තර
කරනවා.
දැන් බලමු වැඩේ කොහොමද
කරගන්නේ කියලා.
හරි ඉස්සෙල්ලම මෙන්න මේ TomTop වෙබ්
සයිට් එකට ගිහින් Register Click කරන්න.
Register ක්ලික් කරපු ගමන් ඔයාලට මෙන්න
මේ වගේ Page එකක් එනවා, එතන පුරවන්න තියන
ඒවා ටික පුරවන්න. මෙතැනදී ඔයාලගේ නම
අහනවා.ඒකට තමන්ගේ ඇත්ත නම දෙන්න. එහෙම
නැත්නම් එතන තියන Sign In With කියන තැනින්
ඔයාලගේ FB , Twitter , Google+ වගේ ගිණුමකින්
Log වෙන්න.
මේ පහල පින්තූරයේ තියෙන විදියට, Sign Up for
Newsletter කියන ඒකටත් මතක ඇතුව Tick එකක්
දාන්න. ඒක දැම්මේ නැත්තම් අපිට points 50ක්
විතරයි ලැබෙන්නේ.

දැන් , ඒ සියල්ලම හරියට සම්පුර්ණ කරලා Submit

ඊලගට ආයෙත් TomTop සයිට් එකේ Home Button
එක ක්ලික් කරන්න. ඒක තියෙන්නේ වම අත
පැත්තේ උඩම... Home Page එකට ආපුවම ඔයාලට
පෙනෙයි See All Categories Menu එකට ට්කක්
යටින් FREE GIFT කියලා තැනක්. ඒක Click
කරන්න.

ඒක ක්ලික් කරාම අලුත් Tab එකකින් මේ Page එක
එයි. ඒකෙදි ඒකෙ තියන Add To Cart කියන එක
Click කරන්න. ඔයාල Click කරපු ගමන් ම View
Shopping Cart කියලා 1ක් පහළට ඒවි. දැන් ඒක
Click කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය
මත ක්ලික් කරන්න. ]
ඊලගට එන Page එක ගොඩක් වැදගත්. මම
කිව්වනේ මේ සයිට් එකේ Register වෙනවට අපිට
Points 70ක් හම්බ වෙනවා කියලා. දැන් තමයි ඒ
Point ටික අපි ප්රයෝජනයට ගන්නේ. හරි දැන්
ඇවිල්ලා තියන Page එකේ තියනවා Tomtop
Points කියලා තැනක්. එතෙන්ට මතක ඇතුව 70
කියල දාලා Apply Points කියන එක ක්ලික් කරන්න.
මේක නොකළොත් අපිට මවුස් පෑඩ් එක ගෙන්න
ගන්න ලැබෙන්නේ නෑ.

Point 70 කියල දාලා, Apply කරාට
පස්සේ මෙන්න මේ Page එක එනවා. ඒකේදි
Proceed To Checkout Click කරන්න.

ඊලගට එන්නේ අපිට මේ Billing Information
Form එක. ඒකත් නිවැරදිව පරිස්සමට පුරවන්න.
ඇත්තම කියනවා නම් මේක තමයි වඩාත් ම
සැලකිල්ලෙන් පුරවන්න ඕන. ගෙදර ලිපිනය එහෙම
දෙපාරක් තුන්පාරක් ම බලන්න. නැත්නම් වෙන
ගෙවල් වලට යාවි. මෙතැනිදී ඔයාලගේ නමට,
ඇත්තම නම දෙන්නත් මතක තියාගන්න.  හරියට සම්පුර්ණ කරාට
පස්සේ Continue ක්ලික් කරන්න.
ඊලගට තියෙන්නේ Shipping Method එක
තෝරන්න. ඒකට ඔය පහළ පින්තූරයේ තියන
එව්වා ටිකත් ඒ විදිහටම තෝරලා Continue Click
කරන්න.

දැන් අපිට එන Payment Information එකෙන් Pay
with points තෝරලා Continue Click කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය
මත ක්ලික් කරන්න. ]
ඊලගට එන Order Review එකෙන් Place Order Click
කරන්න.
අම්මෝ !!! ඇති යාන්තම් ඔක්කොම ටික
කරලා ඉවරයි. වැඩේ ඉවර උනාම මෙන්න
මේ වගේ එකක් එයි........

දැන් ඔයාල අර පුරවපු Form වලට දීපු E-Mail එකට
Mail එකක් එන්න ඕනේ අපේ Order එක
Shipped කරා කියලා. මේ Mail එක එන්න සමහර
විට දවස් 2ක් 3ක් විතර යන්නත් පුලුවන්. ඒ නිසා ඒක
ගැන කලබල වෙන්න එපා. මෙන්න තියනවා එන
Mail එක...... මේ තියෙන්නේ මට ආපු mail එක.

ඔයාලට පේනවද has shipped on කියලා දිනයක්
දාල තියෙනවා?? අන්න ඒ දිනයේ ඉදලා දවස් 10ත්
- 20ත් අතර කාලයක් ඇතුළතදී, ඔයාලගේ මවුස්
පෑඩ් එක ගෙදරටම ඒවි. ඒ කියන්නේ ඉතිං සති 2ක්
3ක් විතර...

අන්තිම වශයෙන් තව එක දෙයක් කියන්න ඕන. කාට
හරි කෙනෙක්ට ඕන නම් මවුස් පෑඩ් 2ක් 3ක් විතර
ගෙන්න ගන්න, එක මවුස් පෑඩ් එකකට එක account
එක ගානේ හදන්න වෙනවා. එතකොට
තමන්ගේ නම, ලිපිනය වගේ ඒවා හැම account
එකටම නිවැරදි ව දෙන්න. හැම account එකේම
එකම විස්තර තිබුනට අවුලක් නෑ. ඒත් එක account
එක ගානේ email නම් ඕන වෙනවා. එක email
එකකින් හදන්න පුළුවන් එක account එකක් විතරයි.. !!
දැන් එහෙනම් ඔන්න වැඩේ හරිනේ.....
වැඩේ කොහොමද කියල Comment පාරකුත්
දාලම යන්න හොදේ.... නැත්තම් ඉතින් හරි
නෑනේ !! කස්ටියට, අවුලක් තියෙනවා නම් ඒත්
Comment කරන්න..

0 comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාර

Like us on Facebook?

Social Icons

Social Icons

Followers