Thursday, October 31, 2013

මේක මම උස්සපු කතාවක්......පට්ට හින්දා ඔයාලට බලන්න දැම්මා

මා සාමාන්‍යයෙන් මගුල් ගෙවල් වලට සහභාගී වීමට කැමත්තක් නොදක්වන්නේ මගුල් ජෝඩුව දකින විට දරාගත නොහැකි ඉරිසියාවක්‌ හිතේ හටගන්නා නිසාම නොවේ. එක්කෝ මනාලියගේ පාර්ශවයෙන් හෝ මනාලයාගේ පාර්ශවයෙන් වෙනුවෙන් කතාවක් පැවැත්වීමේ බර මගේ කර පිට පැටවෙන බැවිනි. කරන ලද සංග්‍රහ වලට ස්තූතිය පුද කිරීමත්, ප්‍රමාද දෝෂයක් සිදුවුනි නම් සමාව ඉල්ලා සිටීමටත්, මනාලයාගේ හෝ මනාලියගේ ගුණ වර්ණනා කිරීමටත්, ඔවුන්ගේ අනාගතය කිරියෙන් පැණියෙන් ඉතිරේවායි ප්‍රාර්ථනා කිරීමත් ආදී ඒකාකාර විදිහේ මංගල දේශනා පැවැත්වීම මට මහත් වාතයක් වී ඇත..

කෙසේ වුවද ළගදී මගේ මිත්‍රයෙකුගේ මගුල් උත්සවයකට සහභාගී වූ මනාලියගේ නිවසේදී කතාවක් කලේ දිවා ආහාරයට පෙර කරන ලද මත්පැන් සංග්‍රහයෙන් හොදටම පදම් වී සිටි අවස්තාවකය.වෙනදා මෙන් නොව මෙදා මට කියවුනේ ඇත්තය. ඒ කතාව මෙසේය..

"මංගල සභාවෙන් අවසරයි.. හිතවත් බවක් පෙන්වන නෑදෑවරුනි, හිතවතුනි, මිත්‍රවරුනි, මවුවරුනි, පියවරුනි, සහෝදරියනි. මට පෙන්න බැරි දෙයක් තමා මගුල් ගෙදරකට ආවම කතාවක් කරන්න කියලා මට කරදර කරන එක.කොහොම වුනත් කතාවක් කරන්න ලැබීම ගැන මම සන්තෝස වෙනවා කියලා කියන්නම්.(හිත යටින් 'නොදකින් මෙහෙම කරුමයක්' කියලා මටම කියාගන්න ගමන්).."

"මේ විවාහය කියන දෙය ජිවිතයේ බොහොම භයානක අනතුරක් කියලා කියන්න පුළුවන්. හරියට හයිවේ එකේ වෙන ඇක්සිඩන්ට් එකක් වගේ. එක අතකින් බලපුවාම ඇක්සිඩන්ට් එකකින් වෙන තුවාල හොද කරගන්න පුළුවන්. ඒත් මං අවධාරනයෙන් කියන්න කැමතියි මේ විවාහයෙන් ඇතිවෙන තුවාලයනම් කිසිදාක හොද වෙන්නේ නෑ. විවාහය කියන එක මහා වාතයක්!! හොදට කල්පනා කරලා බලන්න. තනියෙන් ජීවත් වෙන්න තියෙනවනම් කොච්චර ජොලිද.? ආශාව තියෙනකම් එකට ඉන්නවා. එපා කියලා හිතුනාම දාලා ගිහින් වෙන ගෑණියෙක් එක්ක ඉන්නවා. ආන්න එහෙම තමන්ට කැමති පරිදි ඉන්න තියෙන නිදහස මේ විවාහය කියන කෙහෙල්මල් බැදීම නිසා අපිට නැති වෙනවා. ගෑනි හොද වුනත්, නරක වුනත් අපිට බැදගත්ත බෙරේ ගහන්න වෙනවා.."

"ඇත්තම කියන්න, පිරිමින් වශයෙන් අපි කොහෙත්ම කැමැත්තක් නෑ විවාහයෙන් හිර වෙලා අපේ නිදහස නැති කරගන්න.නමුත් මේ බලවත් උදවිය තමා කොහොමහරි අපිව පටලවාගෙන අපිව සදාකාලිකව සින්න කරගන්න පොතේ කුරුටු ගාන්න දගලන්නේ. ඉති අපි උන්ට කන්න අරන් දෙන්න ඕනේ, බොන්න දෙන්න ඕනේ, අරක අරන් දෙන්න කිව්වම ඒක අරන් දෙන්න ඕනේ.. ඕවා ඉතින් කියලා වැඩක් නෑ. අපිට වෙන ගෑනියක් දිහා බලන්නවත් දෙන්නේ නෑ.. ඔන්න ඕකයි අපිට මේ කෙහෙල්මල් විවාහයෙන් ලැබෙන කජ්ජ.."

"කොහොම වුනත් මේ විවාහ මංගල්‍යය උත්සවය ඉතාමත් සාර්ථක එකක් කියලා කියන්න පුළුවන්. මනාල මහත්තයත් එක්ක එන අතර මගදී කාර් එකේ ටයර් එකක් ගියා. තවත් තැනකදී පැට්‍රොල් හිර වුනා. ලගටම එනකොට එන්ජිම නැවතුනා.අපි ඔක්කොම බැහැලා දැම්මා නේද තල්ලුවක්.මනාල මහත්තයා තල්ලුව දානකොට ගමේ කොල්ලෝ කුරුට්ටෝ ටික දැම්මා නේද මාර හූවක්.. දත් කුට්ටම ටිකක් බුරුල් හින්දා මිසක් අපේ මනාල මහත්තයා හොදවායින් දෙකක් නොකියා ඉන්නේ නෑ.."

"අපි මෙහෙට සම්ප්‍රාප්ත වෙන කොට පත්තු කරපු රතිඤ්ඤා වලින් හුගක් වලින් ආවේ පුස් හඬක්. රබාන පැලුණු හඬ අපිට කාර් එක ඇතුලෙදීම ඇහුනා.ජයමංගල ගාථා කියපු ගෑණු ළමයින්ගෙන් කොනේම හිටිය ගෑණු ළමයනම් හැඩයි.අනිත් අයනම් හරිම ගොරක තමා. ගාථා කිව්වෙත් වරද්ද වරද්දා.."

"අපිට වාඩිවෙන්න දුන්නු පුටු වල.. මගේ අම්මේ එහෙම මකුණෝ ගොඩක්!! මං වාඩි වෙච්ච පුටුව කැඩිලා.මගේ පස්ස පැත්ත තවම රිදෙනවා පුටුව කඩාගෙන බිම වැටුණු පාර. වෙඩින් කේක් වල තිබුනේ මුද්දරස්පලම් නෙවෙයි. රට ඉදි! කිරිබත් පිළුණු වෙලා හොදටම.මං හිතන්නේ මංගල්ලේ ජයට ගන්න කලින් ඉදන්ම සූදානම් වෙලා හිටිය හින්දා වෙන්න ඇති. කැවුම් හදලා තිබුනේ සීනි දාලා. මෙහෙට කොහෙන්ද කිතුල් හකුරු..!!"

"මේ සාර්ථක විවාහ මංගල්ල්‍ය උත්සවේ ගැන මං වැඩි වෙලා කතාකරන්න කැමති නෑ. මොකද මට පේනවා මනමාල මහත්මිය කොච්චරවත් බිත්ති ඔරලෝසුව දිහා බලනවා. ඒක හිතලද යන්න හදිසිද කියලා දෙයියෝ තමා දන්නේ. කොහොම උනත් සාමාන්‍ය සිරිත අනුව මනමාල මහත්මයා ගැන සදහන් කරන එක මගේ යුතු කමක්. මනමාල මහත්මිය ගැන යමක් කීමට මා දන්නේ නෑ.මං හිතනවා ඒක මගේ වාසනාවක් මෙන්ම අප කාගේත් වාසනාවක් කියලා! කොහොම උනත් සදහන් නොකරම බැරි දෙයක් තමා.. 'සමාවෙන්න., මනමාල මහත්මිය මගේ කකුල කෙනිත්තුවා.-ඌයී!! රිදෙනවා!!' කමක් නෑ. එයා අකමැති හින්දා මං එයා ගැන මොනවත් කියන්නේ නෑ.."

"අපේ මනමාල මහත්මයා ගැන යමක් සදහන් කරනවානම්.., මං කියන්න කැමතියි, අද මේ අවස්ථාවේ විතරක් නෙවෙයි, එයාගේ මනමාලකම් හැමදාමත් එක වගේ තමා.. මං පුංචි කාලයේ ඉදන්ම මේ මනමාල මහත්තයාව ලගින්ම ආශ්‍රය කරා. මොකද එයාගේ ගේ තියන්නේ අපේ ගේ කිට්ටුවම. අපේ තාත්තා මනමාල මහත්මයා ඉපදෙන්නත් ඉස්සර ඉදන්ම එයාගේ මව සමග කිට්ටු ආශ්‍රයක් තිබුනා.අපේ අම්මා කොච්චර ගෝරි දැම්මත් තාත්තා නෙවෙයි ඒ සම්බන්ධෙ අතහැරියේ.අපේ පවුල් දෙක අන්නෝන්‍ය වශයෙන් එහෙම කිට්ටුවෙන් සම්බන්ධ වෙලා තිබුණු හින්දා මට බය නැතුව මනමාල මහත්මයා ගැන කතා කරන්න පුළුවන්.."

"සමහර ගුරුවරු මෙයාට කොච්චර කැමතිද කියනවනම් එකම පන්තියේ අවුරුදු හතර පහ තියාගත්තා.ඉස්කෝලෙන් අස්වෙලා රස්සාවක් හම්බවෙනකම් මෙයා නිකම් හිටියේ නෑ.මෙයාගේ තාත්තාට ජේ.පී. පට්ටම ලැබුනායින් පස්සේ හරක් හොරකම නතර කරලා පියාගේ රාජකාරිය බාර ගෙන ඊටත් හොදින් සේවය ඉටු කරා.."

"මේ මනමාල මහත්තයා දක්ෂතාවයන් කිහිපයක් තියෙන පුද්ගලයෙක්. ' ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත' කියන අලගියවන්න මුකවෙටි කවියාගේ කියමන මෙයා හින්දා බොරු වෙනවා. එකකට එකක් වෙනස් රස්සාවල් සිය ගණනක් මෙයා කරලා තියෙනවා.එක රස්සාවක් මාසෙකට වඩා මෙයා කරේ නෑ.රස්සාවල් දුන්නු අය බංකොලොත් වුනා මිසක් මෙයා නෙවෙයි බංකොලොත් වුනේ.."

"මෙයාට පොලිසිය ගෙදර වගේ. උසාවිය සෙල්ලම් පිට්ටනිය වගේ.හිරගෙදර ක්ලබ් එක වගේ.ඉස්පිරිතාලය රෙස්ට් හවුස් එක වගේ.මෙයාට කොතනත් එකයි.කොතනත් ජනප්‍රියයි.."

"මෙයාගේ අත් අකුරු ලස්සනයි කියලා මගේ කනටම ඇහිලා තියෙනවා ගෑණු ළමයි සියගණනක් කියනවා.නමුත් එකම ගෑණු ළමයෙකුටවත් මාසෙකට,දෙකකට වඩා අහුවෙන්නේ නැතිව බේරිලා සිංහල සංස්කෘතිය අනුව මේ විවාහයට කැමති වීමට තරම් මෙයා කීකරු හැදිච්ච කමක් තියෙන කෙනෙක් වීම ගැන මනමාල මහත්මියගේ පැත්තේ අය සන්තෝස වෙන්න ඕනේ.."

"මේ මනමාල මහත්මයා තරම් යුතුකම් ඉටු කරන පුද්ගලයෙක් මං ජිවිතේට දැකලා නෑ. එක් කෙල්ලෙක් සමග සම්බන්ධ කම් පවත්වද්දී අත්වැරැද්දකින් ඒ ගෑණු ළමයට පොඩි බබෙක් ලැබුනා.මේ පොඩි බබෙක්!! එච්චර ලොකු නෑ!! පොඩි අත්වැරැද්දක් වුනත් මේ මනමාල මහත්මයා නොසලකා හිටියේ නෑ.අද වුනත් පඩියෙන් භාගයක්ම මෙයා ඒ ගෑණු ළමයටයි, ඒ අත්වැරද්දෙන් ලැබුණු දරුවටයි වියදම වශයෙන් දෙනවා. ඒ කොහොම වුනත් මේ මනමාල මහත්මියට තියෙන කුළුදුල් ආදරේ හින්දා මේ විවාහයට මනමාල මහත්මයා....."

මගේ කතාව නතර කල මනමාලිගේ පියා 'පොඩ්ඩක් ඔහොම ඉන්න' කියා කාමරයට ගියේය.මොහොතකින් ඔහු එලියට ආවේ තුවක්කුවක් හා පතොරම් කිහිපයක් අතැතිවය.

"මනාලයත් ඒ එක්ක ආපු හැත්තෑ වරිගයත් දැන්ම මේ ගෙදරින් පිටවුනේ නැත්නම් මං එක එකාව බාවනවා!! මේ වගේ වනචරයෙකුට මගේ දුව කෑලි කෑලිවලට කැපුවත් දෙන්නේ නෑ! හොද වෙලාවට හවස කසාදේ රෙජිස්ටර් කරන්න තියාගත්තේ! මැරුම් නොකා පළයව්!! "

යැයි කියමින් ඔහු ගර්ජනය කරන්නට විය.නගුට අමුඩ ගසාගත් අපි වහාම කාර් වලට පැන පිටත් වීමු.අතරමගදී කාර් නතර කල මනාලයාගේ නෑදැයෝ මා වැලදගෙන ඉඹින්නට විය.

"අර වචනය දුන්නු හින්දා මේ මගුල කරන්න ඉදිරිපත් වුනාට මොකද පස්සේ උන් ගැන ආරංචි වෙච්ච ඒවා හැටියට මං හරිම වේදනාවකින් හිටියේ මේ මගුල ගැන. මහත්තයාගේ කතාව නිසා අපි බේරුනා.." මනමාලයාගේ පියා කිවේය.

"උන් දෑවැද්ද දෙනවා කීවෙත් බොරුවට.. මේ ළමයා හින්දා බේරුනේ.." මව කීවාය..

"අම්මලා තාත්තලා මොනවා හරි කරගයි කියන බයට මේ කසාදෙට මං කැමති වුනාට මචන් මේ මගුල වුනානම් මටයි දිවිනහගන්න වෙන්නේ.. මචං උඹ මාව බේරුවා.." මගේ මිත්‍ර මනාලයා කිවේය.

"ඈ මහත්තයෝ.. කතාවේදී කීවා නේද අපේ පුතා කවුද ගෑණු ළමයෙක් එක්ක සම්බන්ධ වෙලා ළමයෙකුත් ඉන්නවා කියලා.. යමුද එහෙ බලන්න.." පියා යෝජනා කළේය..

අපි එහෙ ගියෙමු. මිත්‍රයාගේ මවත් පියාත් නෑදැයෝත් එහෙදි මහත් සතුටට පත්වූහ.

"සීදේවි ගෑණුළමයා.." පියා කීය.

"ලස්සන දරු පැටියා.." මව කීවාය.

"හොද ගේ දොර.." නෑදැයෝ කිවෝය.

"පුතේ.. අද හොද නැකත් දවසේ උඹ මේ ළමයාව බැදගනින්.අපි ඔක්කොම යමු කච්චේරියට.." පියා යෝජනා කළේය. මව ස්ථීර කළාය. මනාලයා යෝජනාව ක්‍රියාත්මක කළේය.. මං අත්පොලොසන් දුන්නෙමි..

ඉස්සර හිටපු ඇත්තටම හිනා යන කතා ලියපු චන්ද්‍ර අනගිරත්න මහත්තයාගේ ''නරලොව හොල්මන්'' පොතේ තමයි මේක තියෙන්නේ.කියවනවා නම් අන්න පොත් ..''නරලොව හොල්මන්'' කොටස් 4ක් තියෙනවා.

Friday, October 25, 2013

මග හැරුනු කදුල(ගියවර සයිබර් උළලේ හොඳම නිර්මාණය)

මේකත් මට ආපු e-mail එකක්....කර්තෘ නොදනී


අඬන්නටේ කියලා එහෙමත්ම බර කඳුලු අම්මගේ දැසේ තිබුනේ නැත...අම්මා ජීවිත කාලය පුරා එතරම්ම් හඬා තිබිණි..."අන්න උඔලගේ මහ එකාව අදත් පොලිසිය අරන් ගිහිල්ලා" අම්මා කිව්වේ කියන්නට කෙනෙක් නැති නිසා වන්නට පුළුවන...මොනා කරලද මෙදා පාර..

වෙන මොනවද? අර කරුනෙගෙ කසිප්පු වාඩියේ ලැගලා...

උසාවි දාලා තියෙන්නේ කවදටද?

මා එසේ විමසුවේ එම සිද්ධිය මා හට එතරම්ම බර පතල නැති බැවිණි...

පව්......මා එසේ කිවා නොවේ කියවිණි...

අනේ මන්දා ගේ දිහෑ පිච්චියක්වත් නැහැ..පොඩි එකාගේ පංචායුදේ විතරයි තියෙන්නේ..සෝමෙ අක්කට දිලා රුපියල් පන්සියක් වත් ඉල්ලගන්න බලන්න මම මේ යන්ටේ කියලා...මල්ලිව බලා ගනින්..

කරුනේ මාමා තාත්තව එළියට ගනිවි..මොකද මේ පළවෙනි වතාව යැ මෙහෙම උනේ...

මා කටින් නොකිව යුතු යමක් කියවිණි..

මොකද බොලට හතර මහ නිදානේ පහළ වෙනවද මහ මිනිහා හිරේ වැටුනහම...දවස් දෙක තුනක් කන්නේ අහවල් එකයැ...

හ්ම්.....

මා කිසිවක් කියන්නට ගියේ නැත..

මහ මිනිහා හැමදාම කොලේ බැරල් කරගහපු එකයි උසාවි නැඟපු එකයි විතරයි...කරුණෙලා රජවරු වගේ වැඦබෙනවා...තූ නොදෝකින් පාහර හැත්ත...

මල්ලි පංචායුදේ ගලවලා දුන්නද? මා විමසුවේ මද සිනාවකිනි...

හ්ම්..නහයෙන් අඬලා අඬලා ඔය දුන්නේ....

අහිංසකයා...මා මල්ලි ගැන දුක් වුනෙමි..

තාත්තා මේ හැමදේම කලේ අපි වෙනුවෙන් උවත් අපි තාත්තා මඟ හැරීමට උත්සහ කලෙමි...හේතුව ලැජ්ජාව විය යුතුය..අප කොතරම් අසාදාරනදැයි මම මගෙන්ම ප්‍රශ්ණ කලෙමි...

මහා බරැති බැරල් ඔසවා යන තාත්තා නවතින්නේ දෙබොක්කාවේ වක්කඩ අසලය...කිලෝ මිටරයක් පමන ඔහු හැල්මේ එය ගෙන යයි...පසුව දර මිටිද..සීනි මිටිද ඔසවා එසේ හැල්මේ දුවයි..පසුව ගිණි ජාලා මැද වඩිය පෙරාගනි....පසුව බූලි පුරවා නැවත කරුනාගේ තිප්පලට එයි..මේ සියලු කාරනා ඉටු වූ පසු තාත්තාට ලැබෙන සොච්චම ගෙන තාත්තා දුවන්නේ පියසීලී අක්කාගේ කඩයට ය..හැකි උපරිම බරට මල්ලක් ඔසවා ඔහු නිවසට එයි...හැන්දෑවේ තාත්තා එසවූ බර කන්ද පොළවේ තබන්නේ උදේ බඩු මල්ල කුස්සියේ තැබු පසුවය..

තාත්තා මහන්සියට දහවල් දවසම නිදයි..එයද කුකුල් නින්දකි..වාහන හඬක් කන වැකුණු විගසම අවදිවන්නේ ගැහෙමිනි...පොලීසිය ,.උසාවිය..මහ උළු ගෙදර තාත්තාට අළුත් නැත..එහෙව් තැන් වල අලගිය මුලගිය තැන් දනි..සියළු නිළධාරීන් හොඳින් හඳුනයි...මුත් කිසිදු පිළිගැණීමක් නැත...

තාත්තා අපගැන සොයා බැලුවාද නැද්දැයි යමෙකු මගෙන් විමසුවහොත් මා හට දීමට පිළිතුරු නැත..හේතුව අපද තාත්තා කසිප්පු කාරයා යැයි හණ ගසා තිබෙන නිසා විය යුතුය...

තාත්තා බේබද්දෙකු නොවේ..නමුත් නොබොන්නෙකුද නොවේ..අනෙක් ගම් වැසියන් මෙන් ගහ මරා ගැණිම් දකින්නටවත් යන්නේ නැත..ඔහු වැඩිපුර වෙසෙන්නේ හුදකලාවම ය..

මා තාත්තා ගැන මතකාවර්ජනයක යෙදුනෙමි...තාත්තා තාත්තා වෙනුවෙන් කරගෙන තියෙන්නේ උසාවි පොලිසි ගානේ නම සටහන්කර තැබිම පමණි..අන් සියල්ල අප වෙනුවෙන්මය.අළුතෙන් යැයි යමක් ඔහු ඔහු වෙනුවෙන් කවරදාකවත් මිළදි ගෙන නැතුවා විය යුතුය..කමිස දෙකක් සරම් දෙකක් හෝ තුනක් හැරුණුකොට කිසිවක් ඔහු වෙනුවෙන් නොමැත..අඩුපාඩු වෙතත් බොහෝ අඩුපාඩු තාත්තා අප වෙතින් දුරස් කර තැබූහ..කැමට යමක් වැරදුනේ නැත..කොටින්ම අප බඩගින්නේ සිටියේ නැත..

අම්මා නැවත පැමිනියේ රුපියල් පන්සියයක්ද අතැතිවය...

අම්මේ තාත්තව බේරගන්න කියක් දෙන්න වෙයිද?

මොකද උඔ දෙන්නද?

නැහැ...... මගේ මේ මාලෙට කීයක් බැංකුවෙන් ගන්න පුළුවන්ද?

ඔය බොලගේ අත්තම්මා උඔ ඉපදිච්ච වෙලේ කරේ දැම්ම එක..උන්දෑ මතක් වෙන්නත් ඔච්චරයි තියෙන්නේ ..අම්මා හූල්ලයි..

කීයක් ගන්න පුළුවන්ද කියන්නකෝ..

විසි දාහක් විතර පුළුවන් වෙයි.. මොකද උඔ එහෙම අහන්නේ...

නෑ මුකුත් නැහැ...අම්මා යන්න පරක්කු වෙයි....

මල්ලිව හොඳට බලාගනින් මං එනකල්.....

අම්මා එසේ කියා ගියේ සුදු සාරිපට යාන්තමින් පටලාගෙන ය.

අම්මා ගොස් ටික වේලාවකින් මල්ලිව සිරියාවති නැන්දාට භාර දි මා ග්‍රාමිය බැංකුවට ගොස් මාලය උකස් කර ගතහැකි උපරිම මුදල ලබාගතිමි..රුපියල් විසි හය දහසක් එහි විය...

තාත්තට බයිසිකලයක් හදවලා දෙන්න ඹ්නේ පිටිපැස්සට බඩු ගෙනියන්න පුළුවන් වෙන්න ලොකු බක්කියකුත් ගහලා...පොලේ මාමාගෙන් එළවළු ලොරියේ උදේම කොළඹ ගියානම් අඩු ගානට හුඟාක් දේවල් ගන්න පුළුවන්....මේ අපේ තාත්තා..අපිට වෙන කවුරුවත් නැහැ..තාත්තට මොකක්හරි උනොත් අපි ඔක්කෝම මහ පාරෙ තමයි..

රැලේ තරමක් පැරණි බයිසිකලයක් පාල අයියාගේ වින්කලයෙන් මිලට ගතිමි ..හන්දියේ පට්ටලයට බයිසිකලය දුන්නේ බක්කියක් රෝද දෙකක් දමා සාදවන්නටය...සියල්ල නිමවා කිසිවක් නොවුනු ලෙස මම නිවසට ගියෙමි...අම්මා ගෙදර පැමින නැත...මම මල්ලිද එක්කොට නිවසට ගියෙමි..

හතර පසුවිය...අම්මා හෝ තාත්තා තවම නැත..හතර පහ වූයේත් පහ හය වූයේත් තත්පර මිනිත්තු කරමිනි...

හැන්දෑවේ හතට පමන අම්මා ගෙදර පැමිනියේ බොහෝ පිරිසක් සමඟය....

කෝ අම්මේ තාත්තා...

අම්මාගෙන් පිළිතුරක් නැත...

කෝ අම්මේ අපේ තාත්තා.....මම කෑ ගැසීමි.....

උඔලෑ තාත්තා එන්නෑ පුතේ....අම්මා මට පුතේ කී පළමුවර එයයි..

මොකක්ද වෙලා තියෙන්නේ...කියන්න....මම බැගෑපත් වුනෙමි...

කිසිවෙකු කිසිවක් නොකියයි......

කියපිය යකෝ තාත්තට මොකද උනේ..

පියදාස අයියා කෝච්චියට බෙල්ල තියලා...

මා සිහි විකල් විය..

පොලීසියේ ඉඳපු මිනිහා කොහොමද එහෙම මැරෙන්නේ..මම මහ හඬින් කෑ ගැසිමි..

උදේ දහයට විතර තාත්තව අවවාද කරලා අළුත් ලොකු මහත්තයා ගෙදර එවලා...තාත්තා පොලිස් ලොකුමහත්තයත් එක්කලා අපේ හැම විත්තියක්ම කියලා..අපි දෙයියෙක්ව මරාගත්තා...අම්මා මොර දෙයි..අපි උඔලගේ තාත්තව තනි කලා....තාත්තා අපිට නොකිවට එව්වැයින් විඳවලා...ඊයේ රෑ එළිවෙනකල් බඩගින්නේ ඉඳලා කන්න ගෙනත් දෙන්න කවුරුත් හිටලා නැහැ...ලොකු මහත්තයා අහලා උඔලෑ ගෙදර එවුන් මැරිලද කියලා...උඔලෑ තාත්තා කෑ ගගහා අඬලා....මට කවුරුවත්ම නැහැ මම මහ කාලකණ්නියෙක් කිය කිය...උදේ ලොකු මහත්තයා අනුකම්මපා කරලා ගෙදර එවලා...අනේ දෙයියනේ මොන විපත්තයක්ද උනේ ..එහෙම්මම ගිහින් හිතේ අමාරුවට කෝච්චියට පැනලා....

පසුදින තාත්තාගේ මිනිය ගෙදරට ගෙනෙන්නට මොහොතකට පෙර පට්ටලේ අයියා තාත්තා වෙනුවෙන් සෑදවූ බයිසිකලය නිවයේ ඉදිරිපස මිදුලේ නැවැත්වූයේ අපිට හෙට ඉඳලා පියදාස අයියගේ එලෝලු කන්න පුළුවන් කියමිනි..

මා බයිසිකලයේ පැටලය දෙතුන් වරක් කරකවා බැලුවේ මාහට පවුලක බර අදින්නට එය සවිමත්දැයි කියාය.

පාසල් වියේ අමතක මතක

(සැබෑ කර්තෘ නම් දන්නේ නෑ...... නමුත් මේක මට දුන්නේ කැම්පස් බුවෙක්....කර්තෘ දන්නවනම් කිවුවත් කමක් නෑ)

බුරිය පෙන්නන සාරිය
ලොවෙත් පිට නැති හැට්ටය
පාසලට අපෙ සුරලිය
වනමි ම ටීචාලංකාරය

පන්තිය අපෙ ටුවෙල් සී
කොල්ලො ටික ෆුල් නොයිසී
"මචංලා අර කම් සී "
හදිසියේ එක් අයෙක් පැවසී

එක්ස්ප්‍රෙෂන් උගෙ මාරය
හක්ක පනිනා ගානය
දික් කරපු අත මානය
බැලුව අප කිමදැයි විකාරය

අර එපිට කොරිඩෝරය
පන්තියට අපෙ පාරය
කොනෙන් මතු වුන සාරිය
දැක සියලු සිත් ෆුල් බකල් විය

ටක ටකස් හැඩ පැතිරී
විය අපේ කන් බිහිරී
අයිස්චර්යත් පදිරී
අලුත් ටීචර් නමින් මිහිරී

ගමනෙ තාලෙට පැද්දෙන
උකුල එහෙ මෙහෙ විසිවෙන
කුමට ඇස් මේ නොදකින
දෙරණෙ මිස් ශ්‍රී ලංකා සිහිවෙන

පොත් මිටිය ගෙන වමතට
රැගෙන සාරිය දකුණට
ඔතා රවුමක් ඉනවට
සිනා සලමින් ආව ඇතුලට

නොවී පමනක් දෑසට
මිහිර දැනුනා නහයට
පිබිදුනා හිත සුවඳට
වැස්ස වාගෙයි වැටුන කතරට

ආයුබෝවන් කී සර
ලැමැද දෑතට සිර කර
හැට්ටයේ කැපු ඇගෙ කර
සිහි කරා අර නෝටි ටීචර

හැට්ටෙ පහලින් ඇති ඉඩ
කිරිගරුඬ වගෙමයි හැඩ
ගැහුන හදවත දඩ දඩ
දැක්කෙ දැන් නෙව ඈගෙ සුදු බඩ

හැට්ටෙ පහලට අඩියයි
එතැන තැන ඇගෙ බුරියයි
අඟල් තුනකින් නෙරියයි
බලනකොට නං මාර සුදියයි

බැඳලා උඩට තද කර
ඇතිය හංසයො සිරකර
සිටියමුත් උන් හැර සර
පනීවිද සැක හැට්ටෙ කුඩුකර

සිනාසෙන ඇගෙ දෙතොලේ
ගෑවිලා වගෙ අමු ලේ
රෝස පාටයි කොපුලේ
අහසෙ පාටයි දෙනෙත් සඟලේ

හුණූ කූර ගෙන වමතට
හැරුණ හරවා ඇගෙ පිට
වියපු පැදුරක් තරමට
නූල් හැට්ටේ ගනන දහ අට

ලියන විට ඈ නැමිලා
කළු ලෑලි හැඩ කරලා
උස නිතඹ ඇගෙ පිරිලා
වගේ කලයක් මුනින් නවලා

හමා සුළඟක් පැමින...
කෙස් කළඹ මන බඳින...
දුටු විටදි හැටි සැලෙන...
තාලෙටම මගෙ හිතත් නටන...

ලියා අවසන පැවරුම...
ගොසින් සිට ඈ ලගටම...
එබිල පොඩ්ඩක් බැලුවම...
බැලුන් වාගෙයි වතුර පිරුනම...

අදින් පසුනං පාසැල...
වගෙයි මටනං පංසල...
නිවන් දකිනා මංසල...
ඇයයි වේලෙන අපට දන්සැල...

ශිල්පයට රස මුසුවී...
ගලා යන හැටි නැලවී...
රැයේදිත් මට සිහිවී...
කොට්ටයේ ඇත පුළුන් විසිරී

සුර ලොවින් ආ කිඳුරී
වගෙයි අප හට මිතුරී
කලඹනා සිත මධුරී
වනමි මේ ලෙස ටීච මිහිරී

Thursday, October 24, 2013

සිරි ලකට කෙලවෙල.................

(මේක මට ආපු e-mail එකක් හොදේ)

ක්‍රීඩකයො ගායකයො වෙල
ගායකයො ආණ්ඩුකාරයො වෙල
ආණ්ඩුකාරයො ගහ කොළ කපල විකුණල
හින්ද අලි අනාථ වෙල
පහේ ශිෂ්‍යත්වය ලියන ළමයිනුත් අනාථ වෙල
ගුරුවරු දණින් හිටුවල
වැඩිමනක් ගුරුවරු ව්‍යාපාරිකයො වෙල
දොස්තර ගොල්ලත් ව්‍යාපාරිකයො වෙල
ඒ මදිවට විශේෂඥ දොස්තරවරු දෙවිවරු වගේ වෙල
දෙවිවරුන්ගේ භාණ්ඩාගාර පිරිල ඉතිරිල
දෙමව්පියො ළමයි විභාග පාස් කරල දෙන්න කියල
දෙන අල්ලස් රැස් කරල
දෙමව්පියො ළමයි වෙල
ළමයි දෙමව්පියො වෙල
හින්ද උන් නාහෙට අහන්නේ නැති චණ්ඩි වෙල
චණ්ඩි හාමුදුරුවරු වෙල
හාමුදුරුවරු පොලිස්කාරයො වෙල
පොලිස්කාරයො හොරු වෙල
හොරු දෙශපාලඥයො වෙල
දෙශපාලඥයො මළවුන් වෙල
මළවුන් හොල්මන් වෙල
හොල්මන් නිළියො වෙල
නිළියො ගණිකාවන් වෙල
ගණිකාවන් නිවේදිකාවන් වෙල
නිවේදිකාවන් කලාකාරයො වෙල
කලාකාරයො සුපිරිතරු විනිශ්චයකාරයො වෙල
විනිශ්චයකාරයො හිරකරුවො වෙල
සුපිරි තරු රණවිරුවො වෙල
රණවිරුවො මාධ්‍ය ප්‍රකාශකයො වෙල
මාධ්‍ය ප්‍රකාශකයො අතුරුදන් වෙල
අතුරුදන් වූවන් සොයන්නන්ද අතුරුදන් වෙල
අතුරුදන් වූවන් රට පැනල
රට පැනපු උන් දේශද්‍රෝහීන් වෙල
දේශද්‍රෝහීන් දේශප්‍රේමීන් වෙල
ප්‍රභාකරන් ජීවතුන් අතර හිටයනම් ඌත් මෙලහට දේශප්‍රේමින් ගොඩට එකතු වෙල
දේශප්‍රේමීන් රජය වෙල
රජය පවුල සංස්ථාව වෙල
පවුල සංස්ථාව රූපවාහිනිය ඉස්සරහට වෙල
හින්ද බත රොස් වෙල
හැමෝටම තමන්ගෙ නිසි චරිතෙ අමතක වෙල
තමාට අයිති නැති චරිත රඟපානව පණ්ඩිත වෙල
අධ්‍යක්ෂක මරා දාල
නරඹන්නා අන්ද මන්ද වෙල
මේ සමාජ රඟ මඬල
මේ නාටකය එකම එක විගඩමක් වෙල

Wednesday, October 23, 2013

ගල් කැපීම.......

මේ තරම් සියුමැලිද කලු ගල්.........හිතන්නටවත් බැරි නිසා.....
මම ගියා අවුකන බුදුන්ටත්.......... දෑස් දුන් මිනිසා සොයා......

ගල් කැපීමද එක්තරා ආකාරයක කළාවකි.......දන්නෝ කපති...... නොදන්නෝ හඩති..... කෙසේ නමුත් සුලුවෙන් හෝ උගත යුතු කළාවකි.....කලුගල් සුමට නැත..... වඩුවාගේ හැකියාව අනුව ගල සුමට කල හැක..... ගල් කටුව හා මිටිය......හැසිරවීම පහසු නැත.....වැඩේ කරගත්තොත් ගොඩය... නැත්නම් වර්චස්ය...
පිටරැටියෝ එති..... මේවා බලා සතුටු වෙති..... කෑ තැන නොඉදිති..... බායි කියා යති.....  බායි......අපිත් සමුදෙති.....නැවත එති..... කති බොති ප්‍රීති වෙති.....

කොළොම් තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම.........

මෙය කට කහනවට නොකීවකි.... කතාව අමූලික ඇත්තය...... ඔවුහු අපේ සාරය උරා බොති......අවසන රොඩ්ඩද කති.....

අපේ මුහුද ලස්සනලු....... ඉර පායනවලු..... තව මොකද්දෝ හොදයිලු.....ඉතිං දේශීය වෛද්‍ය සෑස්තරේට දැන් සරුයිලු.....දොස්තරලට වඩා ඒ සේවය සලසන වෙද මැදුරු තියෙනවලු...... හැරිලා බලනකොට අපිට වැරදිලාලු.....ආයෙ හැරෙන්න බැරිලු.....පෙරලුන පිට හොද හින්දා හබල් ගානවලු...... නැත්තම් මකර කටේලු....

සුදු වෑන් වලින් කරදරලු.....ඒත් වැඩ ජයටම වෙනවලු....ග්‍රීස් ටින් අස්සේ  හෙරොයින් එනවලු... එන ඒවා විතරක් අල්ලනවලු..... යන ඒවා තහනම් ලු...... කියනකොට රිදෙනවලු කරන්න හොදයිලු.....

කුරුදු වලටත් සරුයිලු......කොච්චරද කියනව නම් දැන් පොලු පවා ගිනි ගනන්ලු....... හිරිකිත නැල්ලු..... හොරෙන් කාල පුරුද්දක් තියෙනවලු.....ලස්සනට වැඩේ වෙනවලු..... හැබැයි හිත කැතයිලු..... ප්‍රශ්නේ එතනලු......

කිරිපිටි ආයෙත් එනවලු......උඩින් ස්ටිකරයක් අලවන්න කිව්වලු..... ඩොලර් තියෙනව නම් වසත් බීම කියලා විකුණන්න දෙනවලු......මේ අස්සේ ඉන්දියාව පිස්සු කෙලිනවලු...... චෝගම් එන්න බැරිලු...... ආයෙත් ඊලම ඕනෙලු.......ඒවනම් ඉතිං සුරලොව සිහිනලු.....

අවසානෙට බලනකොට ලෝකය රගමඩලක් ලු...... මේ විකට ජවනිකාවක් ලු....


අදට ඉවරයිලු.......

Sunday, October 20, 2013

-----------------ඉන්ටවිව් එක-----------------



දවසක් පොලිසියට බැදෙන්න කැමති කොල්ලෙක් සම්මුඛ පරීක්ෂනෙට ( ඔව් ඔව් ...බං අර ඉන්ටවිව් කියන්නේ සිංහලෙන් ) ගියාලු ඒ පැත්තේ පොලිස් අධිකාරීතුමාගේ කාර්යලයට.
දැන් මේ කොල්ලගෙන් අධිකාරීතුමා ප්‍රශ්න අහනවලු...කොල්ලත් ඉතින් අරින්නේ නෑ ලු...ඔං ඔහොම ගිහින් අධිකාරීතුමා ඇහෙව්වලු මෙහෙම ප්‍රශ්ණයක් .

“කවි සිළුමිණ ලිව්වේ කව්ද ???”

(පැහැදිලි කිරීමයි -ඉස්කෝලේ යන කාලේ ඕක අහල තිබුනට මන් දන්නෙත් නෑ ඕක මොකද්ද කියල)

දීපන්කො උත්තර…..කොල්ලත් නිකන් කරකවල අතෑරියා වගේලු. පොර දැන් උඩ දාගෙන සිරාවටම කල්පනා කරනවලු….

පොලිස්අධිකාරී තුමත් ලගදී සේවයට අපු හොද මනුස්සයෙක් නිසා …. මිනිහ ඉතින් මෙහෙම කිව්වලු ..

“හදිස්සියක් නෑ ...හිමීට කල්පනා කරලා උත්තරේ කියනවකො ”

මේ අතරේ අධිකාරීතුමාට විනාඩි 5කට එලියට යන්න ඕන උනාලු..පොර යන ගමන් ළග හිටපු රාළහාමි කෙනෙක්ට මෙහෙම කිව්වලු..

“මම එනකල් අර මගේ ඔෆිස් එකේ ඉන්න කොල්ලගෙන් කවි සිළුමිණ ලිව්වේ කව්ද ??? කියල අහල තියා ගන්නවා” කියල

දැන් අධිකාරීතුමා විනාඩි 5කින් එනව...දැන් පොර ඔෆිස් එක ඇතුලේ දකින සීන් 1 මෙහෙමයි ….
අර කොල්ල පුටුවත් පෙරලගෙන හතර ගාතේ දාල බිම වැටිලා ඉන්නවා..රාළහාමි මහත්තය ආඩම්බරෙන් උඩු රැවුල කරකෝ කරකෝ ඉන්නවා. ලොක්කට මේක දැකල මඥ්ඥo වෙලා මෙහෙම ඇහුවලු..

“මොකද අයිසේ මේ වෙලා තියෙන්නේ” කියල .

එතකොට අර රාළහාමි මෙහෙම උත්තර දුන්නලු ..

සර්….. සර්ලත් නිකං මේ පොරවල් හුරතල් කරනවනේ … මන් දෙකයි ඇන්නේ...ඔය අපුරුවට පිළිගත්තේ කවි සිළුමිණ ලිව්වේ ඌ කියල….

කෙටි පණිවුඩ සේවාව



කෙල්ල : කොහමද පණ ?? කොහේද ඉන්නේ??

කොල්ලා : මම හොදින් පැටියෝ.. ගෙදර ඉන්නෙ.. (Message sent failed)

කෙල්ල : කෝ ඔයා??? වැඩක්ද??
කොල්ලා : මම ඔයාට Msg එකක් එව්වා.. ඒත් deliver උනේ නැ..(Message sent failed)

කෙල්ල : මම ඔයාට මෙච්චර Msg එවනවා.. ඔයාට මාව ගානක් නැද්ද?? ඇය් උත්තරයක් නැත්තේ??

කොල්ලා: නැ රත්තරන්.. මම Msg එව්වට යන්නේ නැ.. Network problem එකක්.. (Message sent failed)

කෙල්ල: හරි කමක් නැ.. ආයිත් මම ඔයාට කතාකරන්නේ නැ.. මටත් මගේ පාඩුවේ ඉන්න දෙන්න..

කොල්ලා: ඕන මගුලක් කරගන්නවා... (Message sent successfully.)
ඔබගේ ප්‍රතිචාර:

මේක කාලෙකට කලින් පත්තරේක දැකපු එකක්.


එකතරා ගොවිතැන් බතින් දිවි ගෙවපු ගමක අකාලයේ සැමියා මිය ගිය තරුණ රූමත් කාන්තාවක් තනිවම ජීවත් වුණාලු.මේ කාලෙ මේ ගමේ ගොවිතැන් රැකියාවකට පිට ගමකින් තරුණ ඉළන්දාරියෙක් ආවලු. මේ ඉළන්දාරියාට මේ කාන්තාව ගැන හිතක් පහළ වුණාලු. දවසක් කුඹුර ළඟදි මේ කාන්තාව දැකපු තරුණයා මේ යෝජනාව ඇයට ඇහෙන්නට කවියකින් ගෙනාවලු මෙහෙම.

අකළට පුරන් වූ කුඹුරක් දකින කොට.......
හදවත කසන ගතියක් ඇත ගොවියෙකුට.........
ආවේ කුඹුර අස්වද්දන හැඟුම පිට........
නැතුවට නෙවෙයි සින්නක්කර කුඹුරු මට.......

මේ ගැන එච්චර කැමැතතක් නොදක්වපු තරුණ කාන්තාව ඒකට උත්තර බැන්දලු මෙන්න මෙහෙම.....

අකළට පුරන් වූවත් ලොව දහම උඩ......
අඳ හොවියෙකුට මේ කුඹුරේ නොමැත ඉඩ......
ට්‍රැක්ටරයකින් කුඹුරක් කළ පසුව මඩ......
නගුලක් රැගෙන විත් මොනවද කරන වැඩ.......

Saturday, October 19, 2013

හිතට හිත......

හිතට හිත පෙම් කෙරූ තරම්
මතක නැතිවද පැතූ පැතුම්
හුස්ම නුඹ මගෙ හුස්ම තරම්
වටිනවා මගෙ රත්තරන්

ඔය සිනහවේ ඔය කතාවේ මිහිර අමතක නෑ
වේදනාවයි කදුල පමනයි සතුට මට හිමි නෑ
රිදුම් නොම දෙම් වේදනා ඇති තවත් උහුලනු බෑ
ගැහෙන හදවත මියදුනු දාටත් අමතක වෙන්නේ නෑ

හිතට හිත පෙම් කෙරූ තරම්....

පැතුව පිවිතුරු ප්‍රේම හැගුමන් මා ඔබෙන් ලැබැදී
ලැබුනේ විරහව කදුල තනිකම බිදුනු සිතුවිලී
රිදුම් නොම දෙම් වේදනා ඇති තවත් උහුලනු බෑ තනි වී
මගේ හදවත මියදුනු දාටත් අමතක නොම වේවී

හිතට හිත පෙම් කෙරූ තරම්....  <3 <3 <3
 
geeth's blog

Wednesday, October 16, 2013

තනි සිහිනය.....

දෑගිලි අතරින් ගිලිහුණු
සෙනෙහෙ පැතුම් බොදවෙන්නේ....
ඉපදී මියගිය පෙම් සිත
ඇයි මේ හැටි වද දෙන්නේ....
මට හිමි නැති මගේ ලොවට 
ඔබ සද රැජිණිය වැනනේ....
තවත් වේදනා දුක්ගිනි කොහොමද මම උහුලන්නේ.....
ජීවිතයම මට වැරදුනි 
සෙනෙහස සෙවු දිවි ගමනේ.....
අතහැර යනු බැරි කිසිවක්
ඔබ හැර වෙන නෑ තිබුනේ......
හුරතලයද,බොළදකමද,ආදරයද 
වරද උනේ........
මහමෙර සරි පෙමක් නිසා 
කදුලු පමනි මගේ උරුමේ.....
ඊයෙ තිබුන හිත අද නෑ 
කදුලින් නෙත් හැඩවෙන්නේ....
සමුගෙන යන්නට සිතුවත්
හදවත නෑ වාවන්නේ......
මට හිමි නැති නුබේ ලොවෙන්
සමුගෙන පිටවී යන්නේ.....
නුබෙන් බොහෝ රිදවුම් ලද
සිත විතරයි ගෙනියන්නේ......


ගීත්  උදාර.........

‍මගේ තරු මනාලී....

මගේ තරු මනාලී....
ඇයි නුඹ හඩන්නේ.... 
ආද‍රේ නි‍සාමැයි....
ම‍ගේ සිතත් රිදෙන්නේ.....
රතු වෙලා නුඹේ පොඩි
නෙත් කෙවෙනි තිබෙන්නේ.....
හඩන විට නුඹේ නොව 
මසිත ඉරිතලන්නේ.....
පුංචි ඔය දෙනයනට 
කදුලු ඇයි උනන්නේ.....
ආදරේ නිසාමයි 
මාත් ඉකිබිදින්නේ....
නුඹ මගේ-මා නුඹේ 
නොවෙද නුඹ කියන්නේ....
රත්තරන් හදවතට 
ඇයිද දුක පොවන්නේ...
මා එපා යැයි කියා
ඇයි තවත් හඩන්නේ‍......
ඇයි මෙසේ දෛවයම 
අපිට සරදම් කරන්නේ....

ගීත් උදාර

Tuesday, October 15, 2013

හෙලුවෙන් වැනීම හෙවත් හෙළයෙන් පැවසීම.....

ආචාර්ය මීවනපලානේ ජයරත්නයන්ට....


මා හිතාදර දයාබර ජ‍යරත්නයෙනි..... පසුගිය දිනෙක ඔබගේ වර්ගපූර්ණිකාව කියවීමෙන් මම අමන්දානන්දයට පත් වුනෙමි.... එමෙන්ම රාවනාගේ ටුවක්කුව (පිසිනතලය හෙවත් පිෂ්ටෝලය) ගැන තිබූ පෝස්ටුව මා සිත වශී කලේය..... නමුත් පසුගිය දිනක මා හට ආරංචි වූයේ ඔබතුමාව සුදු වෑන් රියක දමාගෙන ගොස් සුදු දඩුමොණර යානයකින් ඒරියා 51 දක්වා රැගෙන ගිය බවයි..... එම්බා ජයරත්නයෙනි.... එය සත්‍යක්ද?

පෙර කී පරිදි ඔබගේ පිසිනතල පෝස්ටුව පිළිබදව මම උනන්දු වූනෙමි.....මීට දින දෙකකට පෙර මා හට ඇමෙරිකාවෙන් පාර්සලයක් ලැබුනු අතර එහි සෙල්ලම් පිස්තෝලයක්ද විය.. පුදුමයකට මෙන් එහි වූ තුවක්කුව ඔබ රාවණා ගේ යැයි කියා ඉදිරිපත් කර තිබූ තුවක්කුවේම අනුරුවකි.....

ඉතිං මේ ගැන සොයා බැලුවොත් හොදයි නේද?

ඡායාරූපය පහතින්.........




Monday, October 14, 2013

google සමාගමේ අපේ අනන්‍යතාවය

 ගූග්ල් සමාගමේ අපිටම කියලා තියෙන අනන්‍යතාවය මේකයි......... ලැජ්ජයි නේද?..... බලන්න සිංහලෙන් (ස) අකුර විතරයි ගහන්න ඕනේ...... එතකොට අපේම අනන්‍යතාවය මතුවෙනවා..... දුකයි තමා... අපි මහත් වූ අභිමානයෙන් කියනවා සුද්දා වැද්දා කා‍ලේ අපි අහසින් ගියේ කියලා....... ඇත්ත වෙන්න පුලුවන්..... නමුත් එහෙම ජාතියකට අද අත් වෙලා තියෙන්නේ ශෝචනීය ඉරණමක්.....මට මතකයි පහුගිය කාලේ හෙලිදරව්වක් උනා google search engine එකේ sex කියන වචනය වැඩියෙන්ම හොයන්නේ ලංකාවෙ අපි කියලා..... ඇත්තටම අපි ජාතියක් වශයෙන් දුක් වෙන්න ඕනේ...     

ඇයි අපිට මෙහෙම උනේ?.......

ඇත්තම කියනවා නම් මගේ අදහස තමයි නූගතුන් කිහිපදෙනෙකු අතට අන්තර්ජාලය පත්වීම..... අනෙක නම් ලිංගිකත්වය යන වචනයට අපේ රටේ ඇති තහංචි.... මේ කිවුවේ මගේ අදහස.... ඔයාලගේ අදහසුත් කියන්න.... ඊලගට image number two..........................................................................................
 "si" කියන අකුරු දෙක විතරයි type කරන්න ඕනේ.......... සිංහල ජාතිය ගැන ලොකු  පණිවිඩයක් දෙනවා.... ඔයාලා හිතලා බලන්න.... දැනෙන දේ කමෙන්ට් කරන්න...... යාලුවන්ටත් බලන්න share කරන්න.....



කතෘ- ගීත්  උදාර

Sunday, October 13, 2013

ඇත්තටම මොකද වෙන්නේ....


හොර මත්පැන් වැඩිවිමට හේතුවඅරක්කු ඇතුළු සෙසු විධිමත්ව නිෂ්පාදනය කරන මත්පැන්වලින් රජය අධික ලෙස බදු අය කිරිම නිසා රටපුරා හොර මත්පැන් භාවිතය වැඞී වී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි.
පසුගියසති කිහිපයකට පෙර හොර මත්පැන් පිළිබඳ අදහස් දැක් වු මුදල් නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම කියා සිටියේ කසිප්පු ආදි හොර මත්පැන්වලින් බදු අය කිරීම පිළිබඳ සලකා බැලීම නිවැරදි බවයි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කලේ දැනට රුපියල් 850-900 අතර මිලකට අලෙවි වන මොලැසස් හෙවත් ගල් අරක්කු බෝතලයකින් (මි.ලි.750) රජය රුපියල් 492/- ක පමණ බදු මුදලක් අය කරන බවයි.
ඒ අනුව නිෂ්පාදන සමාගම්වලට අරක්කු බෝතලයක් අලෙවි කිරීමෙන් ලැබෙන්නේ රුපියල් 358 -408 අතර මුදලකි. වැඩි ආදායම ලැබෙන්නේ රජයටය.ආණ්ඩුව අධික ලෙස බදු අය කල ද නිෂ්පාදන වියදම්, පරිපාලන වැය සහ සෙසු පිරිවැය ආවරණය කරගෙන ලාභයක් ලබා ගැනීමට ද සුරා සමාගම්වලට මෙම මුදලින් හැකි වී තිබේ.
හොර මත්පැන් අවම කිරීමට නම් කල යුත්තේ ඒවාට බදු අය කර නිතීගත කිරීමට කතා කිරීම නොවන මත්පැන්වලට දැනට රජය අය කරන අධික බදු මුදල් අඩු කර එහි මිල අඩු කිරිම බව බොහෝ දෙනෙක් කියති.

අන්තර් ජාලය ඇසුරෙනි......
ඔබේ අදහස් දක්වන්න

ප්‍රේමය වනාහී.....

මෙය ඩෝල්ටන් අල්විස් කවියා විසින් රචනා කරන ලද්දකි.....

මහ ගොලුවගේ  කාටත් ඉඩ ඇති       ඉඩම.....
ඇයටත් ලබා දුනි සිව් රියනක            උරුම.....
තෙරපෙන්නට එපා ඔය හැටි වල       උඩම......
ඇගෙ ලැම රිදෙයි ඇහුනද සුදු මල්      වඩම......

මගේ තර්කය අනුව නම් ඕනෑම කෙනෙකුට තවත් අයෙක්ව සිනහ නැංවිය හැකි නමුදු..... තවත් කෙනෙක්ගේ දෙනෙතට කදුලු  නැංවෙන ලෙස භාෂාව හැසිරවිය හැක්කේ සැබෑ කළාකරුවෙකුට පමණි......

කර්තෘ නොදන්නා නමුත් මෙයද ‍මාගේ සිතේ කලකට පෙර සිට තැන්පත්ව තිබූවකි......

ආලය මුලාවකි              ප්‍රේමය ලතාවකි....
අපි වැනි අයට එය     කිරිපැනි   පිගානකි...
කොපමන පඩිවරුන් කිව්වත්  අනාවැකී......
ආලය මිනී වල හාරන           උදැල්ලකී.......






කමෙන්ට් කරනවා නම් ඒක ලොකු හයියක්.......

බ්ලොග් එක

ඔබට බ්ලොග් එක ගැන හිතෙන දේ කමෙන්ට් කරන්න....... බ්ලොග් එකට අලුතින් මොනවහරි එකතු කරන්න හිතෙනවනම් මගේ e mail එකට දන්වන්න....
geeth000udara@gmail.com
geeth000udara@yahoo.com


ස්තූතියි......

Friday, October 11, 2013

රුවන් වැකි..

දිනය   = 2013/10/11

වෙලාව= 08.32

ස්ථානය= මැනිං ෙවෙලද ෙපොල


මම- අයියා ෙමේ ෙවීල් එක ඔයාගෙද?

ඔහු- ඔව් මල්ලි..... එයි කොහේ යන්ඩද? නගින්ඩ....

මම- නෑ අයියේ.... මේ සුපිරි වදනක් දැක්කා...... ෆොටෝ එකක් ගත්තට අවුලක් නැහැනේ.....

ඔහු- අවුලක් නෑ......ඒත් මොක්කටද?

මම- (ෆොටෝ එක ගත්තා,වීල් එකට නැංගා.....) යමු අයියේ කොටුවට......

ඔහු-..................(නිශ්ශබ්දය...... මම කතාවට මුල පුරමි...)

මම- අයියා සිංහල ද?

ඔහු- නේ.....මුෂ්ලිම්.....

මම- නිහඩ උනා......

ඔහු- මල්ලි.... උම්බ කෙපුවත් රත්තු....මම කෙපුවත් රත්තු........ ඒක තමා එත්ත මල්ලි......

(කතාවෙන් කතාවෙන් කොටුවටම ආවා.....මම  හයර් එක දීල බැස්සා..... මම ඔහුගේ දුරකථන අංකය  ඉල්ල ගත්තා.....මේ නිහතමානී මිනිසා ගැන මගේ හිතේ ලොකු පැහැදීමක් ඇති උනා....)


මම කැමතියි නෑනට නෑන කැමති නෑ මට



ජය මංගල ගී තාලෙට පිඹ පිඹ බට දඬු නලා..
ජය පැන් බොන සෙබළු රැලක් විලසට හඬ තල තලා..
රසකර මම පවසන්නෙමි මිනි කිංකිණි සොලවලා..
අසනු මැනවි අසනු මැනවි අසනු මැනවි තුටු වෙලා..

පරයන ඉඳුනිල් කැට නැහැ දෙනෙතෙහි ඇති කැල්මට..
වසඟ නොවී ගියේ කවුරුද නැනගේ එක බැල්මට..
මම කැමතියි නෑනට නෑන කැමති නෑ මට..//

පොත් ටික තුරුලට අරන්..මුව මද හස රැලි පෙරන්..
පාසල් යන දෙවට දිගේ නෑනා මගේ රත්තරන්..
මම කැමතියි නෑනට නෑන කැමති නෑ මට..//

අඩ සඳ වන් නළලතේ.. චන්දන තිලකය ඇතේ..
සිකි පිල වැනි කෙස් කලඹට..මුහුදේ රල පැරදෙතේ..
මම කැමතියි නෑනට නෑන කැමති නෑ මට..//

මුහුදෙහි රල පෙළ ගැසී..ගමන සදිසි යන ලැසි..
ඇගෙයි මගෙයි ආදරයට.. ආසිරි මල් වැසි වසී..
මම කැමතියි නෑනට නෑන කැමති නෑ මට..//

නෑඹුල් රස කිති කැවී..නව රස දුන් සරසවී
මගේ දුප්පත් පැලේ ඉන්න.. එනවද මඩු මාධවී..
මම කැමතියි නෑනට නෑන කැමති නෑ මට..//

ඔබෙන් ලැබෙන තොත්තුවේ..රසයට හද පත්තුවේ..
කිරී පැණි වගේ ඉන්න එනවද මගේ වස්තුවේ...
මම කැමතියි නෑනට නෑන කැමති නෑ මට..//

කරදර බාදක මැද්දේ..දිවි ගඟ පහලට ඇද්දේ..
ගල් පර දැක පෙරමුණේ..මොන නදියද නැවතුනේ..
මම කැමතියි නෑනට නෑන කැමති නෑ මට..//

හසරැලි නැත්නම් මුහුණේ..සිතුවිලි ලස්සන නැහැනේ..
වේදනාව නැති ලොවෙහී ...ජිවිත රසවත් නොවේ..
මම කැමතියි නෑනට නෑන කැමති නෑ මට..//

ගන්නට නොම වාඩුවක්..නැහැ මට ඉන් පාඩුවක්..
හදමුද අපි කුඩුවක්..වෙමුද පරවී ජෝඩුවක්..
මම කැමතියි නෑනට නෑන කැමති නෑ මට..//

නෑන කැමති නැ... මට........

ඉංග්‍රීසි භාෂාවේ එන ඇතැම් වචන සිංහලට පරිවර්තනය වීමේදී වන නොයෙකුත් අකරතැබ්බ...

 මේ ට්වීටර් හි කාලයක් ජනප්‍රිය වූ සෙල්ලමක් ඇසුරින් රත්ගමයා ලියූ ලිපියෙකින් ගත් කොටසකි.

cow girl = ගොං කෙල්ල
Food City = කෑම නගරය
Crysis = අඩන සහෝදරිය
wordpress = අකුරු මිරිකනවා
Call of Duty = වැඩට කතා කරන්න
Breaking News: කැඩි කැඩී එන ප්‍රවෘත්ති
GoDaddy = පලයං තාත්තේ
Iron man = මැදපන් මිනිහෝ
Werewolf = වෘකයා කෝ?
How I met your mother = මට තොපිලයි අම්මා හදිගැහිච්චි හැටි
Naughty America = වනචර ඇමරිකාව
x men = ලිංගික මිනිස්සු
she is pretty = එයා හෙන කෑල්ල
Prince of Persia: The sands of time = නාමල් රාජපක්ෂ වැලිපිල්ලේ අකුරු කල කාලය
Son of a Bitch = බලු පැටියා
64bit = හැටහතර මායම්
What a wedding? = මොන මගුලක්ද?
Bat man - පිති මිනිහා
I am number four = අද පෝලිම එච්චර දිග නෑ
Java = ජරාව
Sourcerer's Stone = මායාකාරයාගේ ගල
motherboard = අම්මා පුවරුව
Cars 2 = කාර් දෙක
Android = අන්දරේ
Microsoft = මාර සිනිදුයි
Attack of the Killer Tomatoes (1978) =පට්ට තක්කාලි වලට ගේම දියන්
IPhone = මම ෆෝන් එකක්
Anonymous = අවලමා
Blow Job = පිඹින රස්සාව
The Mist = බොඳ මීදුම්
The Forbidden Kingdom = ආසියාවේ ආස්චර්ය
Gay = ගේ කුරුල්ලෙක්
My friends hot mom = මගේ යාලුවගේ අම්මා පිච්චුනා
Pirates Of The Caribbean = මහ රජතුමා හා සේනාව
no country for old men = නාකින්ට රටක් නෑ
Arpico = ආපි කෝ.....



comment කරන්න අමතක කරන්න එපා.......

Thursday, October 10, 2013

පිලීපීන තරුණියන් තිදෙනෙක් බලු පැටවෙකු පාගා මරණ අයුරු

පිලිපීන තරුණියන් තිදෙනෙකු විසින් කාමරයක සිටින බලු පැටියෙකු වරින් වර පාගා හිරිහැර කරමින් මරාදැමෙන වීඩියෝවක් ඊයේ දිනයවන විට අන්තර්ජාලය තුල කතාබහට ලක්ව තිබුනා. 

සමාජ වෙබ් අඩවි ඔස්සේ පමණක් මෙය සංචරනයකොට තිබුණු හෙයින් එම වීඩියෝව පෙර පටිගත කරන ලද්දක්ද, අලුත් වීඩියෝවක්ද යන්න හදුනාගත නොහැකිව තිබෙනවා.

විනාඩි 19 කට ආසන්න කාලයක් පුරා එම බලු පැටවාට වද දෙමින්, පාගමින් මරණයට පත් කරන අයුරු එම වීඩියෝවේ දැක්වෙන අතර බොහෝ දෙනා එම වීඩියෝව දැකීමෙන් කම්පාවට පත්ව සිටිනවා. 


එම වීඩියෝව නැරඹු ඇතැම් උදවිය පවසන්නේ තම ජීවිත කාලය තුල දුටු කුරිරුතම වීඩියෝව මෙය බවයි. ඇතැම් උදවිය පවසන්නේ මෙම වීඩියෝව මුදල් ඉපයීමේ අරමුණෙන් නිපදවුවක් විය හැකි බවය. 

තවද පිලිපීනයේ අන්තර්ජාල පරිශීලකයන් පවසන්නේ මෙහි සිටින කාන්තාවන් පිලිපීන ජාතිකයන් නොව තායි ජාතිකයන් බවය. 


කෙසේ වෙතත් එම තිදෙනාගෙන් කිසිවෙක් තවමත් හදුනාගැනීමට අපොහොසත්ව තිබෙනවා. මෙම සංවිධානයට එරෙහිව සත්ව සුබ සාධන සංවිධාන වන PETA, හා PAWS සංවිධානය ඉදිරිපත්වී ඇති අතර ඔවුන්ට දිනකට දහස් ගණන් දුරකථන ඇමතුම් හා ඊමේල් මේ සම්බන්ධව ලැබෙන බවද මාධ්‍යය නිවේදනයක දක්වා තිබුණි. 

පසුගිය වසරේද පිලිපීනයේ යුවලක් මෙලෙස සතුන්ට වැඩ දෙමින් වීඩියෝගත කිරීම පිලිබඳ අත්අඩංගුවට පත්වී තිබුණි. සතුන්ට මෙවන් අයුරින් හිංසා කිරීම , පටිගත කිරීම හා ඒවා බෙදාහැරිම නීතිවිරෝධී වන අතර එම හැසිරීම්  ඇතැමුන්ගේ ලිංගික ආශාවේ ස්වභාවය (Fetish) අනුවද සිදුවන බව විදෙස් මාධ්‍යය වාර්තා පලකොට තිබුණි. 


කෙසේ වෙතත් ෆේස්බුක් විසින් එම වීඩියෝව අදවනවිට ඉවත්කර ඇති අතර සතුන්ගේ සුභසාධනය වෙනුවෙන් පෙනීසිටින සංවිධාන පිලිපීන වැසියන්ගෙන් ඉල්ලන්නේ මෙම කාන්තාවන් හදුනාගත හැකිනම් ඔවුන් වෙත දන්වන මෙන්ය. 





කරුණාකර පහත දැක්වෙන වීඩියෝව සංවේදී පිරිස් නැරඹීමෙන් වලකින්න.







ටජ් මහලට පිටුපා සපත්තු මාරු කළැයි ලෝක රූ රැජිනට නඩු

දින 10ක සංචාරක් සඳහා මේ දින වල ඉන්දියාවට පැමිණ සිටින ලෝක රූ රැඡණ Olivia Culpo ට එරෙහිව නඩුවක්‌ ගොනු කිරීමට ඉන්දියානු පුරාවිද්‍යා බලධාරීහු තීරණය කර තිබෙනවා

ඒ ඇය විසින් ටජ් මහ ඉදිරියට පැමිණ ටජ්මහලට පිටුපා සපත්තු මාරු කරමින් වෙළඳ දැන්වීමකට පෙනී සිට තිබෙන නිසයි.

සපත්තු දැන්වීමට පෙනී සිටීම සඳහා ඇය පැමිණ තිබෙන්නේ මෝස්තර නිරූපන සැලසුම් ශිපියෙකු හා පුවත්පතක ජායාරූප ශිල්පියෙකු සමඟයි.


ටඡ් මහල් මැඳුර ඉදිරියේ ප්‍රචාරක කටයුතු සිදු කිරීම ඉන්දීය අධිකරණය විසින් තහනම් කර තිබෙන අතර ඔලිවියා ටඡ්මහල් මැඳුර ඉදිරියේ සිය පාවහන් මාරුකරන අයුරු ඡායාරූප ශිල්පීහු ඡායාරූපගත කර තිබෙන්නේ පසුගිය ඉරිදා සවසයි.

සපත්තු පැලැදීමේදී ටජ්මහල් මන්දිරයට පිටුපස හැරවූ බවටද චෝදනාවක් එල්ලවී ඇති අතර එම අවස්‌ථාවේ සංචාරක පොලිසිය ඒ ගැන පියවරක්‌ ගෙන නොතිබීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ලවී ඇත.




වල්ගාතරුවක් පෘතුවියේ ගැටී ඇති බව පලමුවරට සොයාගනී

මීට වසර මිලියන 28.5 කට පෙර වල්ගාතරුවක් පෘතුවියේ ගැටී ඇති බව නවතම පර්යේෂණයකින් සොයාගන තිබේ.

ඊජිප්තුවෙන් හමුවූ දියමන්ති සහිත කලු පැහැති පාෂාන කැබලි වලටත්, සහරා කාන්තාරයේ වර්ග කිලෝමීටර් 6,000 ක් පුරා පවතින වීදුරු කැබලි වලටත් හේතුව මීට වසර මිලියන 28කට පමණ පෙර කඩා වැටුණු මෙම උල්කාව බවයි සොයාගන තිබෙන්නේ.


උල්කාව කඩා වැටීමෙන් පසුව සෙල්සියස් අංශක 2000 ට පමණ රත්වූ වැලි නිසා මෙම වීදුරු සෑදී ඇති බවත්, පුරාණ ඊජිප්තු රජ කෙනෙකු වූ ටුටුකාමන්ගේ ආභරන සඳහා කහ පැහැති ගල් ලබාගන ඇත්තේද මෙම උල්කාව සෑදුණු පාෂාන වලින් බවත් සොයාගන තිබේ.

ලිබියානු කාන්තාරයෙන් හමුවූ ඔපදමා ඇති පැරණි උත්තල කාච සාදාගන ඇත්තේද මෙලෙස සෑදුණු වීදුරු කැබලි ඔපදැමීමෙන් බවද එම පරීක්ෂක කණ්ඩායම පවසයි.


වසර මිලියන 28.4කට පෙර සෑදුණු පාෂාණ වලින් සෑදූ ටුටුකාමන්ගේ ආභරණය පහතින්.




නම්‍යශීලී, වක්‍ර තිර සහිත දුරකථන හා රූපවාහිනී වෙළඳපොලට එයි

දියුණු වන තාක්ෂණයත් සමඟ වක්‍ර හා නම්‍යශීලී ස්මාර්ට් ෆෝන් මෙන්ම වක්‍ර තිර සහිත රූපවාහිනී යන්ත්‍රද මේ වනවිට වෙලඳපොලට පැමිණෙමින් තිබෙනවා.

LG සමාගම විසින් ඊයේ නම්‍යශීලී (Flexible) තිරයක් එළිදැක්වුවා. ඊට දිනකට පසු වක්‍ර (Curved) තිරයක් සහිත ලොව පළමු ස්මාර්ට් ෆෝන් එක සැම්සුන්ග් සමාගම විසින් වෙළඳපළට නිකුත් කළේ අද දිනයේ.

Samsung Galaxy Round ලෙස නම් කර ඇති එය අඟල් 5.7ක 1080p HD තිරයකින් යුක්තය. දුරකථනයේ මිල ආසන්න වශයෙන් ඩොලර් 1,000කි.

ඇන්ඩ්‍රොයිඩ් 4.3 Jelly Bean වර්ෂන් එකෙන් යුතු මෙහි දිනය, වේලාව හා මිස් කෝල් දැකගත හැකි Roll effect නම් නව පහසුකමකින් හා Gravity effect නම් වූ නව පහසුකමකින් යුක්තය.

සිහින් මිහිදුම් පටලයේ

Tuesday, October 8, 2013

විහිලුවක් නිසා උන මරණයක්......


අපි විහිලු කරන්න ඕනෙ තමා..... නමුත් ඒ විහිලුවෙන් කාගෙ හරි ඇස් රතු වෙනවනම් ඒක විහිලුවක් නෙමෙයි......බලන්න මේ විහිලුවෙන් කෙනෙක්ගේ ජීවිතයක් නැති වෙන හැටි...... ඒ හින්දා දෙයක් කරන්න කලින් දෙපාරක් හිතන්න......
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.....

Sunday, October 6, 2013

මගේ පාඨකයන්ට

බ්ලොග් එක ආරම්භ කරලා තවම ගෙවුනේ පුංචි කාලයක් කියල ඔය ‍හැමෝම දන්නව.....
මේ පුංචි කාලය තුල මට අකුරු ගැටගහන්න හයිය දුන්න ඔය ‍හැම දෙනාටම ගොඩක් ස්තූතියි.....
 ඒ වගේම  මේ පුංචි කාලය තුල මාව මෙච්චර ‍ජනප්‍රිය කරපු  ඔයාලා වෙනුවෙන් මම ලගදීම අලුත් වැඩක් පටන් ගන්නවා...

thank you all.                                                        මම ගීත්.....      

Friday, October 4, 2013

ෆිනෑන්ස් එක ගෙවන්න ඇග විකුණුවා



ෆිනෑන්ස් එක ගෙවන්න ඇග විකුණුවා
මම මාළු මුදලාලි කෙනෙක් ළඟ වැඩකළා.. ලොරියක් අරගෙන මාළු බිස්නස් කරන්න ඕනේ කියලා මට හිතුණා.. මගේ අතේ තිබුණු සල්ලිත් දාලා මම ”ෆිනෑන්ස්” කරලා ලොරියක් අරගත්තා.. මම හිතපුතරම් බිස්නස් සරු වුණේ නැහැ.. එන්න එන්නම බිස්නස් එක වැටුණා..
මාස පහකින් විතර ”ෆිනෑන්ස්” එක ගෙවාගන්න බැරිවුණා..
”මගේ ලොරිය ”ෆිනෑන්ස්” එකෙන් උස්සන නිසා ඒක කොහේහරි හංගන්න ඕනේ කියලා මම හිතුවා..”
”මම දන්න කෙනෙක් කළුතර හෝටලයක වැඩ කළා.. මම වැටිලා ඉන්න අමාරුව ගැන එයාට කිව්වා.. එයා කිව්වා ලොරිය හෝටලයේ හංගලා ඔයගොල්ලොත් හෝටලයේ වැඩ කරන්න එන්න කියලා.. ඊට පස්සේ මම මගේ පවුලට විස්තරේ කිව්වා.. ලොරිය නැතිවෙයි කියලා මගේ අදහසට එයත් කැමති වුණා..”
”අපේ ළමයි තුන්දෙනාව අම්මා ළඟ දාලා අපි ලොරිය අරගෙන කළුතර හෝටලයට ආවා.. අපි හෝටලයේ නැවතිලා හිටියා.. ඒ අතරතුර රස්සාවක් හෙව්වා.. ඒ හෝටලයට මිනිස්සු ගැහැනුන්ව අරගෙන එනවා..”
”ඔය කිසිම දෙයක් ඕනේ නැහැ, මේ වැඬේ කළානම් මාස දෙකෙන් තුනෙන් ගොඩයන්න පුළුවන් කියලා හෝටලයේ ඉන්න මගේ යාළුවා කිව්වා..”
”මටත් කරන්න දෙයක් ඉතුරුවෙලා තිබුණේ නැහැ.. මම මගේ පවුලට විස්තරේ කිව්වා.. එයා මුලින්ම අකමැති වුණා.. ඊට පස්සේ හිත හදාගෙන කැමැති වුණා.. මගේ යාළුවා මිනිස්සු හෝටලයට ගෙනැල්ලා දුන්නා.. ඊට පස්සේ මගේ පවුල ඒ මිනිස්සුත් එක්ක එකට හිටියා..”
මේ පුදුම සහගත කතාවක පටන් ගැන්මකි.. තම බිරියව වෙනත් පිරිමින්ට විකුණන සැමියන් පිළිබඳව අපි ඇතැම්විට අසා ඇත්තෙමු.. ඒ බොහෝවිට මත්කුඩුවලට ඇබ්බැහි වූවන්ය.. එහෙත් මේ සැමියා එවන් අයකු නොවේ.. ඔහු තම බිරිය වෙනත් පිරිමින්ට මුදලට විකුණුවේ තමන් විසින් මිලට ගත් ලොරිය වෙනුවෙන් ගෙවිය යුතු හිඟ ”ෆිනෑන්ස්” වාරික ගෙවීම සඳහා ය..
පුදුම සහගත මෙම සිදුවීමේ සුලමුල හෙළිවන්නට වූයේ කළුතර කොට්ඨාස ළමා හා කාන්තා සුබ සාධක අංශය විසින් කළ වැටලීමකදී අත්අඩංගුවටපත් අඹුසැමි යුවළකගෙනි..
පසුගිය දිනෙක කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක සමන්ත වෙදගේ මහතාට නිර්නාමික ලිපියක් ලැබිණි..
කළුතර පන්විල ප‍්‍රදේශයේ පවත්වාගෙන යන ”ගෙස්ට් හවුස්” එකක ගණිකාවන් නතර කරගෙන සිටින බවත්, දිනපතාම නාඳුනන පිරිමින් එම ස්ථානයට පැමිණෙන බැවින් පාරේ යන එන තම දියණියන්ගේ ආරක්ෂාවටද එය තර්ජනයක් වී ඇති බවත්, පොලිසිය මේ පිළිබඳ සොයා නොබලන්නේ ඇයිද යන්නත් එම ලිපියේ සඳහන්ව තිබිණි..
ලිපිය කියවා බැලූ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කොට්ඨාස ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනි මල්කා තුෂාරී කැඳවා මෙහි ඉදිරි විමර්ශන කටයුතු ඇයට පවරනු ලැබූවේ ගතයුතු අවශ්‍ය පියවරද පහදා දෙමිනි..
මල්කා පළමුව මෙහි ඇත්ත නැත්ත සොයා බලන්නට වූයේ ඇය දන්නා හඳුනන ත‍්‍රීවිල් රියැදුරකුගෙනි..
"කතාව ඇත්ත මිස්, වැඬේ ජයටම යනවලූ‍.. අපේ පාර්ක් එකෙත් දෙන්නෙක් තුන්දෙනෙක්ම එතැනට ගිහින් තියෙනවා..” එතැන් සිට ක‍්‍රියාත්මක වූ මල්කා අදාළ හෝටලය වැටලීම සඳහා පිඹුරුපත් සකස් කළාය..
කළුතර මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබාගත් පොලිස් පරීක්ෂකවරිය රුපියල් දහසේ නෝට්ටු පහක් අතට ගෙන එහි තම අත්සන තැබුවාය..
උපාය දුතයකු ලෙස පොලිස් කොස්තාපල්වරයකු සූදානම් කර ගත් ඇය අත්සන් කළ මුදල් නෝට්ටු ඔහු අතට දී හෝටලයට ගොස් එහි සිටින කාන්තාවක් වෙන් කර ගන්නා ලෙස උපදෙස් දුන්නා ය..
කොස්තාපල්වරයා ත‍්‍රිවිලරයක නැගී හෝටලයට ගියේය.. ඔහු එහි සිටි කළමනාකරු හමුවූයේය.. ”දැනට ඉන්නේ එක්කෙනයි, හැබැයි පන්දාහක් වෙනවා..”කළමනාකරු කීවේය..
"ඒකට කමක් නැහැ..” උපාය දුතයා මුදල් ගෙවා කාන්තාව සමඟ කාමරයට ගියේ කාටත් තමා ගැන සැකයක් නොසිතෙන ආකාරයට ය..
ටික වේලාවකින් මඟ සිටි ස්ථානාධිපතිනි මල්කා ඇතුළු පිරිස හෝටලයට ඇතුළු වූහ..
"අපිට කාමර සර්ච් කරන්න ඕනේ......” ස්ථානාධිපතිනිය කීවාය..
"උසාවි නියෝගයක් නැතිව හෝටලය සර්ච් කරන්න දෙන්න බැහැ..”
හෝටල් කළමනාකරු සද්දයක් දැම්මේය.. මල්කා තම අත තිබූ සෝදිසි වරෙන්තුව කළමනාකරු අතට දුන්නේ මුවඟට සිනහවක් ද නඟමින්ය.. ඒ සමඟම කළමනාකරුගේ කට වැසී ගියේය..
උපාය දුතයා සමඟ කාමරයේ සිටි කාන්තාව අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරිය තරුණ කාන්තාවද පොලිස් ජීප්රියට නංවා ගත්තාය..
"අනේ මැඩම් මේ මගේ නෝනා, මෙයාව ගෙනියන්න එපා.. අපි ලොකු අමාරුවක වැටිලයි ඉන්නේ...... ඒක නිසා තමයි මේ වඬේ කරන්න පටන් ගත්තේ......”
හෝටලය තුළ සිටි අයකු ජිප්රිය එක ළඟට දිවවිත් එසේ කියමින් බැගෑපත් වන්නට වූයේය.. ”මොනවා...... මේ තමුන්ගේ වයිෆ්...... තමුන් පුදුම ස්වාමිපුරුෂයෙක්නේ......” දෙදෙනාව ම ජීප්රියට නංවාගත් පොලිස් පරීක්ෂකවරිය ඔවුන් දකුණු කළුතර පොලිසියට රැගෙන ගියාය..
වැටලීමේ සාර්ථකත්වය පිළිබඳ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා දැනුම්වත් කළ මල්කා පසුව දෙදෙනාම තම අංශයට රැගෙන ගොස් ප‍්‍රශ්න කරන්නට වූවාය..
"මම නරක වනචර ගෑනියෙක් නෙමෙයි නෝනා.. කරන්න දෙයක් නැතිකමට තමයි මේ වැඬේට කැමති වුණේ.. අපිට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා.. ඒ අය මහගෙදර නතර කරලයි ආවේ.. හෝටලයේ අය තමයි මිනිස්සු ගෙන්නලා දෙන්නේ.. එක්කෙනෙක් එක්ක හිටියම මට රුපියල් දාහක් දෙනවා.. හෝටලයේ අය කීයක් ගන්නවද කියලා මම දන්නේ නැහැ..”
"හැමදාම මේ වැඬේ කරන්න හිතුවේ නැහැ.. ලොරියේ සල්ලි ටික ගෙවනකන් මේ වැඬේ කරමු කියලයි මහත්තයා කිව්වේ..” ”අපි ආයෙත් මේ වැඩ කරන්නේ නැහැ.. අපේ ළමයි දැනගත්තොත් ලැජ්ජාවට මොනවා කරගනීද දන්නේ නැහැ.. අපිටත් සමාජයට මුහුණ දෙන්න බැරිව යනවා.. අපේ දරුවෝ ගැනයි අපි ගැනයි හිතලා අපිට යන්න දෙන්න නෝනා......” ඇය හඬා වැළපෙමින් කියන්නට වූවාය.. මොවුන් මධ්‍යම පළාතේ පදිංචි අඹුසැමි යුවළකි..
"තමුන්ගේ තරම දැනගෙන වැඩ පටන් ගත්තා නම් ඉවරයිනේ...... ලොරියක් අරගෙන මාළු විකුණන්න කලින් බයිසිකලයක් අරගෙන මාළු විකුණන්නනෙ තිබුණේ...... ලොකු වැඩ කරන්න ගියාම මිනිස්සු අමාරුවේ වැටෙනවා......”
"තමුන් අමාරුවේ වැටුණ කියලා ගෑනිව මිනිස්සුන්ට විකුණලා හරියනවද? තමුන් තමන්ගේ ගෑනිට වැඩිය ලොරියටනේ ආදරේ කරල තියෙන්නේ..” මල්කා දෙදෙනාවම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ළඟට රැගෙන ගියාය..
ඇය සියල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඉදිරියේ කියාගෙන ගියාය.. ඔහුට ද මේ සිදුවීම පුදුම සහගත විය.. ”තමුසේ පිරිමියෙක් ද මිනිහෝ...... සල්ලි නැත්තම් වෙන මොකක් හරි රස්සාවක් කරන්න තිබුණා නේද? ගෑනිව විකුණගෙන සල්ලි හොයල හරියනවද? සමහර පිරිමි තමුන්ගේ ගෑනි වෙන මිනිහෙක් එක්ක හිනාවෙනවටවත් අකමැතියි.. තමුසේ...... ගෑනිව වෙන මිනිහෙක්ට විකුණලා කාමරේ ළඟට වෙලා බලාගෙන ඉන්නවා.. පිරිමියෙක් වගේ හැසිරෙනවා, ”
හෝටලයට පැමිණෙන අයට ඇය විකුණා ඇති හෝටල් හිමිකරු එක් පිරිමියකුගෙන් රුපියල් පන්දහසක මුදලක් ලබාගෙන ඇති අතර කාන්තාවට දී ඇත්තේ රුපියල් දහස බැගින් බවද පරීක්ෂණ වලදී හෙළිවිය.. සියලූ‍දෙනාම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු යෙදුනේ ඉන් පසුව ය..
කළුතර කොට්ඨාස බාර පොලිස් අධිකාරී රොෂාන් සිල්වා, සහකාර පොලිස් අධිකාරී සුගත් ගලගමගේ යන මහත්වරුන්ගේ අධීක්ණය පරිදි කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක සමන්ත වෙදගේ මහතාගේ උපදෙස් මත කළුතර කොට්ඨාස කාන්තා හා ළමා සුභ සාධක අංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා මල්කා තුෂාරී කොස්තාපල්වරුන්වන උදය කුමාර (7013) ,රත්නායක (37109), සමන් (46222), කාන්තා පොලිස් කොස්තාපල් මහේෂි (2638)යන පිරිසක් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ මෙහෙයවති..  

අන්තර්ජාලයෙන්.....


ලංකාවේ පිරිමින්ගේ අසහනයට විසඳුමක් සොයන ඈ


පසුගිය කාලය පුරාවට අපට අසන්නට ලැබුනේ පෙම්වතුන් අතින් රැවටීමට ලක්වුණු තරුණියන්ගේ නිරුවත් ජයාරූප සමාජ ජාල වෙබ් අඩවි වෙත එක්වීමේ පුවත්ය. 

ඒ හේතුවෙන් කලකිරුණු ඇතැම් තරුණියන් සියදිවි හානිකරගත් අතර ඇතැම් තරුණියන් තවමත් මානසිකව පසුබෑමකට ලක්ව සිටිනවා. 


නමුත් අප අද ඔබවෙත ගෙන එන්නේ එයට හාත්පසින්ම වෙනස් කතාවකි. ඒ ලංකාවේ සිටින තරුණයන්ගේ අසහනය වෙනුවෙන් සටන් කරන බිරිඳක් පිලිබඳවය. ෆේස්බුක් පිටුවක් පවත්වාගෙන යන ඇය තමාගේ සරාගී අඩනිරුවත් ජයාරූප එහි පළකරනුයේ සිය සැමියා ගේද සහයෝගය ඇතුවය.


ඇයගේ මෙම අසාමාන්‍යය ක්‍රියාපිළිවෙත පිලිබඳ තිස්තුන්දාහේ අප අයගෙන් විමසුවා. 


ඇගේ නම අප මෙහි සඳහන් නොකරන්නේ ඇය විසින් සිදුකල ඉල්ලීමකට අනුවය. මේ ඇගේ කතාවයි. 


මම :ඔබ ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේද ?

ඇය :ඔව්

මම : ඇයි ඔබේ ෆේස්බුක් ඔස්සේ මෙවන් ක්‍රියාවක් සිදුකරන්නේ ?

ඇය : ලිංගික දේවල් සම්බන්ධව ලංකාවේ තහනම් පැනවිලා වැඩියි. සහ තවත් තහනම් පැනවෙමින් පවතිනවා. මෙය ලංකාවේ සිටින පිරිමින්ගේ අසහනය වැඩිකිරීමට හේතු වෙලාතියෙනවා.

මම :ඉතින් මොකද්ද ඔබගේ බලාපොරොත්තුව ? අසහනය නැතිකිරීමද?

ඇය :දේවල් සාමාන්‍යයකරණිය කිරීම 

මම : ඔබ මේ කරන ක්‍රියාවන් අනුව පිරිමින්ගේ අසහනය වැඩිවෙනවා කියා යමෙක් කිව්වොත් ?

ඇය :නමුත් මාව දැන් බොහෝ ගැහැණු ළමුන් අනුකරණය කරනවා.

මම :අපට උදාහරණ කිහිපයක් දිය හැකිද ?

ඇය :මම දැක්ක ගොඩක් ජායරූප, මුහුණු නැතුව, නමුත් ලාංකික අනන්‍යතාවය ඇතුව.

මම : ඔබට "ප්‍රදර්ශනකාමීත්වය" නම් මානසික තත්වය ඇතැයි ඔබ විශ්වාස කරනවාද ?

ඇය :මම එහෙම හිතනවා. නමුත් ඒක ආබාධයක් කියල මම හිතන්නේ නැහැ.

මම :එහෙනම් මොකද්ද ?

ඇය :ඒක හීනයක් වගේ එකක්.

මම :ඔබ විවාහකද?

ඇය :ඔව්

මම :ඔබේ සැමියා දන්නවද මේ කරන දේවල් ගැන ?

ඇය :ඔව්

මම:ඔහු මොනවද මේ පිලිබඳ කියන්නේ? ඔහු මෙයට මුල පටන් එකඟ වුනාද ?

ඇය :ඔහු මෙයට සම්පුර්ණයෙන් එකඟයි. මගේ අඩනිරුවත පෙන්වනවාට ඔහු මුල සිට කැමති වුනා.

මම:මෙය ඔහුගේ අදහසක්ද ? ඔබගේ අදහසක්ද?

ඇය :දෙදෙනාගේම

මම :මිනිසුන් ඔබව ගණිකාවක් විදියට හැදින්විය හැකියි නේද?

ඇය :ඔව් . එත් මම එහෙම නෙවෙයි.

මම: ඔබ මෙයින් තෘප්තිමත් වන්නේ මොන ආකාරයෙන්ද ?

ඇය :මම කැමතියි මගේ රසිකයන්ගේ ප්‍රතිචාර වලට. විශේෂයෙන් නරක ඒවාට.

මම: ඉතින් එම ප්‍රතිචාර  ඔබගේ සැමියාත් දකිනවනේ?

ඇය :ඔහුත් ඒවාට කැමතියි. මේ තුලින් මම බොහෝ අත්දැකීම් ගත්ත. විශේෂයෙන් පිරිමින්ගේ මානසිකත්වය ගැන. මාත් එක්ක චැට් කරන ගොඩක් අය විවාහක අය. නමුත් ඔවුන් තමාගේ ජීවිතය පිළිබඳව අසතුටින් ඉන්නේ. සහ ඔවුන් ගොඩක් හොයන්නේ ලිංගික සතුට.ගොඩක් බැඳපු අය ලිංගික නොගැලපීම් ගැන දැනගන්නේ විවාහ උනාට පස්සේ.

මම : එයට ඔබ යෝජනා කරන විසඳුම මොකද්ද?

ඇය :විවාහයට ප්‍රථම ලිංගික අත්දැකීම් ලබාගැනීම

මම: නමුත් එය ලංකාවේ සංස්කෘතික හා සමාජීය වටපිටාව අනුව එය ඔබින්නේ නැහැ නේද?

ඇය :නමුත් අපිට බටහිරකරණයට ලක්වීම වලක්වන්න බැහැ.

මම: නමුත් බටහිර රටවලත් දික්කසාද වීමේ ප්‍රතිශතය වැඩියි

ඇය :අපෙත් ළඟදීම මිට වැඩි වෙනවා. අපේ අනිත් හැමදේම බටහිරකරණය වෙලා, නමුත් ලිංගිකත්වය ඇර. අපේ පිරිමි දැන් ඉක්මනට බදින්නේ ඔවුන්ගේ ලිංගික ආශාවන් සපුරාගන්න. මනුස්සයන් කියන්නේ වසර අවරුදු 16 ඉදන් ලිංගික තෘප්තිය සොයන්න ඕන වෙන අය. නමුත් ලංකාවේ අය බඳින්නේ අවරුදු 28 - 30 දී. එතකොට ඔවුන්ගේ ලිංගික ආතතිය බොහෝ ඉහල නගිනවා.

මම: විවාහය සම්බන්ධව ඔබගේ අත්දැකීමමොකද්ද? ඔබ සිදුකලෙත් ඔබ යෝජනා කරන පරිදීමද?

ඇය :ඔව් එහෙම කියන්න පුළුවන්. අපි හැමදෙයක් ගැනම කතා කරනවා. අපි ෆොටෝ ගන්න දේවල් පිළිබඳව පවා. අපි එකට නිල් චිත්‍රපටත් බලල තියෙනවා.

මම : ඔබේ මෙලෙස ජයාරූප නිකුත් කරලා කිසියම් දවසක එපා වුවහොත් ?

ඇය :සමහරවිට. එහෙම උනොත් වෙන විනෝදාංශයක් හොයාගන්නවා.

මම: ඔබගේ සහ සැමියාගේ අධ්‍යාපන තත්වය සහ රැකියාව ?

ඇය :අපි දෙදෙනාම විද්‍යා අංශයෙන් උපාධිධාරීන්, ඔව් අප දෙදෙනාම රැකියාවක නිරතවෙනවා

මම : අවසාන වශයෙන්  පාඨකයන්ටදීමට ඇති පණිවුඩය ?

ඇය :ඔබේ සහකරුවාට/ සහකාරියට විවෘත වන්න. ඔවුන්ට ඇත්ත කියන්න. 




අන්තර් ජාලයෙන්.....


ගීත් උදාර

බිදි ගිය සෙනේහේ

බිදි ගිය සෙනේහේ
යදී ඈ ජිවිතේ
මල් තලා රොන් උරා
ඉගිල ගිය බඹරුනේ //

ඈත් වී ලොවෙ
සොදුරු බව හුදකලා
කුරිරු සිතින් ලොවෙ
ජිවිතේ බොද කලා //

බිදිගිය සෙනේහේ ...

පිපි කුසුමි ගත දරා
හිරු නැගේ හෙට දිනේ
රොන් උරා මල් තලා
යනු එපා බඹරුනේ //

Like us on Facebook?

Social Icons

Social Icons

Followers