ප්රේමයේ අසපුවට ගිණි තබා
රෝස මල් පෙති තලා බිම හොවා
හිනැහිලා කුරිරු ලෙස මා දවා
කිම ගියේ රැඳි දැහැන බිඳපියා
කිහිරඟුර ඇල් දියට ලං කළා
උණුහුමට දිය බිඳැති හැකිලුණා
ගිණි අඟුර දැවි දැවී අළු වුණා
කරුමයක අරුම නුඹ හිනැහුණා
හිරු කුමරු පෙරගිරින් නික්මුණා
නුදුටුවද සඳ තරුද වැළපුණා
වළකන්න ඔබව මට බැරි වුණා
රන් මසුනි නුඹ ඇමට ළංවුණා
යදින්නට දෙවොල් මට මදි වුණා
හඬන්නට කඳුලු මට නැති වුණා
කියනු බැරි දුක ළයෙහි හිර වුණා
ඔබට මා නොවෙයි ඔබ නැති වුණා
සංසාර පුරුද්දට ලං වුණා
ඔබෙ ළයට තුරුළු වී හිනැහුණා
දෙතොල් පහසට දෙනෙත් පිය වුණා
මගෙ වරද මා නුඹට පෙම් කළා
මල් පිපුණු වසන්තය හැර පියා
සමනලුන් ඈත ඉගිලී ගියා
මං නැතිව නුඹ යළිත් හිනැහුණා
මේක ස්වතන්ත්‍ර නිර්මාණයක් නම් නෙමෙයි..... මගේ ඩෙස්ක්ටොප් එකට ආපු විදිහ මටවත් මතක නෑ..... මේක ලියපු කෙනා කවුරු උනත්...... මාර හැකියාවක් තියෙනවා


0 comments:
Post a Comment
ඔබගේ ප්‍රතිචාර