Saturday, December 14, 2013

රන් මසුනි නුඹ ඇමට ළංවුණා






                        ප්රේමයේ අසපුවට ගිණි තබා
                        රෝස මල් පෙති තලා බිම හොවා
                        හිනැහිලා කුරිරු ලෙස මා දවා
                         කිම ගියේ රැඳි දැහැන බිඳපියා

                        කිහිරඟුර ඇල් දියට ලං කළා
                        උණුහුමට දිය බිඳැති හැකිලුණා
                       ගිණි අඟුර දැවි දැවී අළු වුණා
                       කරුමයක අරුම නුඹ හිනැහුණා

හිරු කුමරු පෙරගිරින් නික්මුණා
නුදුටුවද සඳ තරුද වැළපුණා
වළකන්න ඔබව මට බැරි වුණා
රන් මසුනි නුඹ ඇමට ළංවුණා

යදින්නට දෙවොල් මට මදි වුණා
හඬන්නට කඳුලු මට නැති වුණා
කියනු බැරි දුක ළයෙහි හිර වුණා
ඔබට මා නොවෙයි ඔබ නැති වුණා

සංසාර පුරුද්දට ලං වුණා
ඔබෙ ළයට තුරුළු වී හිනැහුණා
දෙතොල් පහසට දෙනෙත් පිය වුණා
මගෙ වරද මා නුඹට පෙම් කළා

මල් පිපුණු වසන්තය හැර පියා
සමනලුන් ඈත ඉගිලී ගියා
මං නැතිව නුඹ යළිත් හිනැහුණා


මේක ස්වතන්ත්‍ර නිර්මාණයක් නම් නෙමෙයි..... මගේ ඩෙස්ක්ටොප් එකට ආපු විදිහ මටවත් මතක නෑ..... මේක ලියපු කෙනා කවුරු උනත්...... මාර හැකියාවක් තියෙනවා

0 comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාර

Like us on Facebook?

Social Icons

Social Icons

Followers