Sunday, November 10, 2013

නුවර - කොළඹ දුම්රියේ එන්ජිම ගැලවෙයි

නුවර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සීඝ‍්‍රගාමී දුම්රියේ එන්ජිම ගැලවී යාම හේතුවෙන් (07) පෙරවරුවේ මගීන් අපහසුතාවයට පත්වී ඇතැයි වාර්තා වේ.අදාළ දුම්රිය එන්ජිම ගැලවී ගොස් ඇත්තේ එඬේරමුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදීය.පල්ලමක්  සහිත ප්‍රදේශයක මෙය සිදු වී නම් මෙය අලව්ව දුම්රිය ගැටුමට දෙවැනි වන්නේ නැත.

 මේ වන විට දුම්රිය පරිපාලන සේවයේද ගැටළු රැසක් උද්ගතවී ඇතැයි දුම්රිය සේවක ඒකබද්ධ පෙරමුනෙන් වාර්තා වේ. දුම්රිය සේවයේ චෝදනා ලබා ඇති ඉහළ නිලධාරීන් සඳහා කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගැනීම මෙම තත්ත්වයට හේතුවී ඇති බව එහි ලේකම් සම්පත් රාජිත මහතා සඳහන් කරයි. එමෙන්ම එවැනි පුද්ගලයින්ට විදේශ සංචාර සහ උසස්වීම් ලබාදීමට කටයුතු කර ඇති බවද අද දෙරණ වෙත අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේය.

දුම්රිය සේවයේ විනය පරිහානියට පත්වීම බලගතු ප්‍රශ්නයක් බව ද ඔහු පෙන්වාදුන්නේය. මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුවේ තනතුරු 4000 -5000 ක පමණ ප්‍රමාණයක් පුරප්පාඩුව පැවතිය ද එම පුරප්පාඩු පිරවීම මන්දගාමීව සිදුවන නිසා දුම්රිය පරිපාලන සේවයට විශාල බාධාවක් එල්ල වී ඇති බව හෙතෙම කියා සිටියේය. මේ සම්බන්ධව බලධාරීන් සමග සාකච්ඡා කළ නමුත් තවමත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකර නොමැති බව සම්පත් රාජිත මහතා අවධාරණය කළේය.

අන්තර්ජාලයෙන්





0 comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාර

Like us on Facebook?

Social Icons

Social Icons

Followers