ඔබ ඇස් කන්නාඩි පලඳින අයෙකු නම් ඒවා නොමැතිව පෙනීම පවත්වා ගෙන යාමට කැමතිද? දැන් ඇස් කන්නාඩි, සිවිකාච ආදී කිසිවක් නැතිව නිවැරදි පෙනීම ලබා ගන්නට දැන් නවීන තාක්ෂණය මඟ පාදා තියෙනවා. ලේසර තාක්ෂණය යොදා ගෙන කරන මේ සැත්කම් දැන් නවීන ලෝකයේ බහුලව සිදු වෙනවා. එවැනි එක් ක‍්‍රමයක් ‘ලැසික්’ යනුවෙන් හැඳින්වෙනවා.
ලැසික් (Lasik) යන වදන තනා ගෙන ඇත්තේ ‘ලේසර් ඇසිස්ටඞ් ඉන් සිටු කෙරටෝමිලියුසිස්’ (Laser-Assisted in situ Keratomileusis) යන ඉංගී‍්‍රසි වදනේ මුල් අකුරු යොදා ගෙනයි. එයට සිංහලෙන් නම් ලේසර් උපයෝගී ස්වාස්ථිත කෙරටෝමිලියුසිස් සැත්කම කියා කිව හැකිය. එය ලේසර් අක්ෂි ශල්‍ය කර්මය හෙවත් ලේසර් දෘෂ්ටි නිර්දෝෂණය (laser vision correction) කියාද හැඳින්විය හැකිය. අවිදුර දෘෂ්ටිකත්වය (myopia) දුරදෘෂ්ටිකත්වය (hypermetropia) හා විෂමදෘෂටිකතාව (astigmatism) යන පෙනීමේ ආබාධ තත්වයන් මේ ක‍්‍රමයෙන් නිවැරදි කළ හැකියි.
ලැසික් (Lasik) අක්ෂි ප‍්‍රතිකාර ක‍්‍රමය
ලැසික් යනු වඩාත් බහුලව භාවිත කෙරෙන අක්ෂි ශෛල්‍ය කර්මයකි. එය විශාල පරාසයක විහිදුණු මයෝපියා හෙවත් අවිදුර දෘෂ්ටිකත්වයට (myopia) අදාළ වර්තන සැත්කම් කි‍්‍රයාවලියකි. දුරදෘෂ්ටිකත්වය (hypermetropia) නො එසේ නම් ඇසෙහි ආලෝකය හරි තැනට නාභිගත නොවීම ලැසික් සැත්කම මගින් ඉතා ඉක්මනින් නිවැරදි කළ හැකිය. අනිකුත් සැත්කම්වලට වඩා පහසු මෙය ඉතා සියුම් සැත්කමක් වන අතර එමගින් ඒ ආබාධ තත්වය අති සාර්ථකව මග හරවා ගත හැකිය. වේදනා රහිත මේ සැත්කමෙන් පසු ඉතා ඉක්මනින් එනම් පසුවදාම සාර්ථක පෙනීම ලබා ගත හැකිය.


0 comments:
Post a Comment
ඔබගේ ප්‍රතිචාර