Monday, November 11, 2013

කාටවත් නොපෙනුණ බොහෝ දේ හිරු TV තුළින්...





කොළඹ UHF 45, 38, දකුණ UHF 45,38, නුවර UHF 23, 35, රජරට UHF 26, ඌව/වෙල්ලස්‌ස UHF 22,23, බදුල්ල UHF 23, රත්නපුර UHF 21,38, කුරුණෑගල UHF 22,38, නැගෙනහිර UHF26 සහ දිවයින පුරා UHF 38 යන තරංග මාලා ඔස්‌සේ හිරුTV විකාශනය කෙරේ.

ශ්‍රී ලංකාවේ රූපවාහිනි නාළිකාවක්‌ ආරම්භ කිරීම සඳහා සිදු කළ විශාලතම ආයෝජනය හිරුTV සඳහා ආයෝජනය කර තිබේ.

පළමු දිනයේ සිටම දීප ව්‍යාප්ත ආවරණයෙන් යුතු හිරුTV ශ්‍රී ලංකාවේ රූපවාහිනි ක්‍ෂේත්‍රයේ මහත් පෙරළියක්‌ සිදු කිරීමට නියමිතය. හිරුTV ආවරණයට පමණක්‌ නොව සුපැහැදිලි රූප හා විකාශයේ උසස්‌ තත්ත්වය පිළිබඳවද දැඩි අවධානයක්‌ යොමු කර තිබේ.

ජාත්‍යන්තර නාළිකාව වන ස්‌ටාර් වර්ල්ඩ් වැනි නාළිකාවල භාවිත වන තාක්‍ෂණයට සමාන තාක්‍ෂණික උපක්‍රම භාවිත කරමින් හිරුTV නාළිකාව උසස්‌ ප්‍රමුතියෙන් යුතු විකාශනයක්‌ සිදු කිරීමට නියමිතය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස්‌ දැක්‌වූ ABC මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා, හිරුTV නාළිකාවේ දීප ව්‍යාප්ත ආවරණය අන් කිසි නාළිකාවක්‌ හා සන්සන්දනය කළ නොහැකි යෑයි කියා සිටියේය.



ශ්‍රී ලංකාවේ සෑම නිවසකටම නව රූපවාහිනි අත්දැකීමක්‌ හිරුTV නාළිකාවේ උසස්‌ තත්ත්වය මගින් ලබාගත හැකි බවත් හිරුTV යනු විනෝදාස්‌වාදයෙන් පිරි සාමාන්‍යයෙන් අසාමන්‍ය රූපවාහිනි නාළිකාවක්‌ බවත් අනිකුත් නාළිකාවනට වඩා වෛර්ණභාවයෙන්, ආකල්පයෙන් හා පෞරුෂත්වයෙන් ඉදිරියෙන්ම සිටින නාළිකාවක්‌ යෑයි ද රේනෝ සිල්වා මහතා කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ABC මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා, මේ වන විට ශ්‍රී ලංකාවේ ජනතාවාදී රූපවාහිනි නාළිකාවක විශාල අවශ්‍යතාවක්‌ මතුවී තිබෙන බැවින් ජනතාවාදී රූපවාහිනි නාළිකාවක්‌ ආරම්භ කිරීමට කටයුතු කළ බව කියා සිටියේය.

එමෙන්ම අපක්‍ෂපාතී ප්‍රවෘත්ති සේවාවක්‌ ලබාදෙන හිරුFM මෙන්ම අපක්‍ෂපාතී ප්‍රවෘත්ති සේවයක්‌ හිරුTV මගින් විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා. හිරුTV නාළිකාවේ වැඩසටහන් මාලාව ශ්‍රී ලංකාවේ රූපවාහිනි ප්‍රේක්‍ෂකයන් මවිතයට පත් කරන විශිෂ්ට ගණයේ ටෙලිනාට්‍ය කිහිපයකින් යුක්‌තයි. 


එමගින් ටෙලිනාට්‍ය නරඹන්නන්ගේ ආකල්පමය වෙනසක්‌ සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ වන විට රූපවාහිනි නාළිකා ටෙලිනාට්‍ය විකාශය කරන්නේ විනාඩි 16 ක්‌ වැනි කාලයක්‌ පමණයි. එය ජාත්‍යන්තර නීතිවලටද පටහැනියි. නමුත් හිරුTV නාළිකාව ටෙලිනාට්‍ය විනාඩි 21 ක්‌ දක්‌වා විකාශනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. 


ශ්‍රී ලංකවේ නළු නිළියන් රාශියක්‌ එකතු කර නිර්මාණය කරන ලද විවිධ හාස්‍ය උත්පාදක අවස්‌ථා ඉදිරිපත් කරන ඕන් ආටක නාටක නාට්‍ය ඉදිරිපත් කෙරේ. එමෙන්ම හිරුTV නාළිකාව දැනට ලෝකය පුරා තිරගත වන අති සාර්ථක චිත්‍රපට රාශියක්‌ විකාශනය කිරීමට කටයුතු යොදා ඇත. 


 
අන්තර්ජාලයෙන්

0 comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාර

Like us on Facebook?

Social Icons

Social Icons

Followers