Sunday, November 24, 2013

සිංහල කතුන් වඳ කරන බවට පැමිණිලි කළ පළාත් සභා මන්ත්‍රීවරයාට මරණ තර්ජන

පේරාදෙණිය ශික්ෂණ රෝහලට දරු ප්‍රසූතිය සඳහා පැමිණෙන සිංහල බෞද්ධ කාන්තාවන් හට නීති විරෝධීව වන්ධ්‍යකරණ සැත්කම් හා උපත් පාලනයට යොමු කරවීම සම්බන්ධ සිද්ධියේ ප්‍රධාන පැමිණිලිකරු වූ ජාතික හෙළ උරුමය මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක මධ්‍යම පළාත් සභා මන්ත්‍රි තුෂාර ස්වර්ණතිලක මහතා හට දුරකතන මඟින් මරණ තර්ජන එල්ල වී ඇති බව ඒ මහතා සඳහන් කරයි.
“වැඩිය දැඟලුවොත් ඔළුව කුඩුවෙන්න වෙඩි තියනවා”යැයි තමාට දුරකතනයෙන් කීප වරක් තර්ජනය කළ බවද මේ පිළිබඳ මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට මෙන්ම තම පක්ෂ නායකත්වයට දැනුම් දීමට පියවර ගත් බවද ඒ මහතා පැවැසීය.

0 comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාර

Like us on Facebook?

Social Icons

Social Icons

Followers