මදුරෙයිහි පිහිටි මිහින් ලංකා කාර්යාලයට කිසියම් පිරිසක් විසින් ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ආදි තමිලර් පෙරවෙයි, නාම් තමිලර් ඉයක්කම් යන දේශපාලන පක්ෂ ඇතුළු ද්‍රවිඩ හිතෛෂි සංවිධාන කිහිපයක් මාර්ග අවහිර කරමින් විරෝධතාවක නිරත වන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගෙන ඒමට නියමිත යෝජනාවට පක්ෂව ඉන්දීය මධ්‍යම රජය ස්වකීය ඡන්දය ප්‍රකාශ කළ යුතු බවට බලකරමින් මෙම විරෝධතාවන් සංවිධානය කර තිබේ. කෙසේ වෙතත් කුපිතවූ පිරිසක් විසින් එල්ල කරන ලද ගල්මුල් ප්‍රහාරයෙන් කාර්යාලයේ වීදුරු ජනෙල් ඇතුළු දේපළ වලට හානි සිදුව ඇති බවත්, සිද්ධියට අදාළව 30 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවත් එරට පොලීසිය පවසයි.


ඉන්දීය ජනතා පක්ෂයේ නායක සුබ්‍රමනියන් ස්වාමි ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෑතකදී හමුවීමට විරෝධය පළකරමින් රජයේ නීති විද්‍යාලයේ සිසුන් 40 දෙනකු පමණ පක්ෂයේ නිල කොඩියට හා දැන්වීම් පුවරුවට අලාභ හානි කළ බවට ඊයේ චෝදනා ලැබූහ.


0 comments:
Post a Comment
ඔබගේ ප්‍රතිචාර