Sunday, November 10, 2013

තරුණයෙකු ​ සිය ලිංගේන්ද්‍රිය කපා ඉවත්කරගෙන​

DepressionCosts_410px_13_10 
විසි හය හැවිරිදි යන් හු නැමති තරුණයෙකු තමන්ට පෙම්වතියක් සොයාගැනීමට නොහැකි වීම නිසා ඇතිවූ විෂාදය හේතුකොටගෙන සිය ලිංගේන්ද්‍රිය කපා ඉවත්කරගත් පුවතක් පිළිබඳව වාර්තා වේ. මෙසේ සිය ලිංගේන්ද්‍රිය කපා ගැනීමෙන් ඇතිවූ අධික වේදනාව හේතුවෙන් ඔහු පාපැදියකින් ආසන්නයේ ඇති රෝහලකට ගොස් ඇති අතර, එහිදී වෛද්‍යවරුන් උපදෙස් දී ඇත්තේ නැවත නිවසට ගොස් කපා ඉවත් කළ ලිංගේන්ද්‍රිය රැගෙන එන ලෙසයි. ඔහු විසින් මෙලෙස යළිත් නිවසට පාපැදියෙන්ම ගොස් කැපුනු ලිංගේන්ද්‍රිය ද රැගෙන යළි රෝහලට වෙත ගොස් ඇති නමුත්, වැඩි වෙලාවක් රුධිරය රහිතව පැවතීම නිසා එය නැවත සිරුරට සම්බන්ධ කළ නොහැකි බව වෛද්‍යවරුන් පවසා තිබේ. තමාට පෙම්වතියක් නොමැති නිසා සිය ලිංගේන්ද්‍රියෙන් කිසිඳු ප්‍රයෝජනයක් නැතැයි සිතමින් එය කපාඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ එසේ කළහොත් පෙම්වතියක් ලබාගැනීම පිළිබඳව සිතිවිලි ඇතිවීම නවතිනු ඇතැයි සිතමින් බව විදෙස් වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.

අන්තර්ජාලයෙන්

1 comments:

නමක් නෑ said...

පොන්න ආතල් කියන්නේ ඕවට....

Post a Comment

ඔබගේ ප්‍රතිචාර

Like us on Facebook?

Social Icons

Social Icons

Followers