සුදු සද පිපුනට සද දිය ගැටලුවට
සෙනෙහස නෑ ඒ සද වතුරේ
තරු එළි දිලුනට දිලි දිලි නිවුනට
නුබේ ඇස් නෑ ඒ තරු අතරේ
පිනිකැට වැටුනට මල්පෙති තෙමුනට
සුවදක් නෑ ඒ මල් ගොමුවේ
මා නුබේ කීවට නුබ මගෙ වූවට
මට නුබ හිමි නෑ රන් තරුවේ.............
හිරු මිය ඇදුනට - අවපස අහසට
සුදු සද පායා හිනැහෙන්නේ
නිම්නැති පොළොවට - දුර නිල් අබරට
වැඩියෙන් ප්‍රේමය සිත පිරුනේ
මා පෙම් කෙරුවට - මට පෙම් කෙරුවට
අප නෑ අප හට හිමිවන්නේ
පෙරකළ පවකට - පින් මද සෙනෙහස හැර යාමයි කළ යුතු වන්නේ.
ගීත්...........

0 comments:
Post a Comment
ඔබගේ ප්‍රතිචාර