Wednesday, September 18, 2013

දුකට ලිව්ව කව්

                                                             



සුදු සද පිපුනට සද දිය ගැටලුවට
සෙනෙහස නෑ ඒ සද වතුරේ
තරු එළි දිලුනට දිලි දිලි නිවුනට
නු‍‍බේ ඇස් නෑ ඒ තරු අතරේ 
පිනිකැට වැ‍ටුනට මල්පෙති තෙමුනට
සුවදක් නෑ ඒ මල් ගොමුවේ
මා නුබේ කීවට නුබ මගෙ වූවට
මට නුබ හිමි නෑ රන් තරුවේ.............

හිරු මිය ඇදුනට -  අවපස අහසට
සුදු සද පායා හිනැහෙන්නේ 
නිම්නැති පොළොව‍ට - දුර නිල් අබරට
වැඩියෙන් ප්‍රේමය සිත පිරුනේ
මා පෙම් කෙරුවට - මට පෙම්  කෙරුවට
අප නෑ අප හට හිමිවන්නේ
පෙරකළ පවකට - පින් මද සෙනෙහස 
හැර යාමයි කළ යුතු වන්නේ.






                                       ගීත්...........
 

0 comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාර

Like us on Facebook?

Social Icons

Social Icons

Followers