අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හදෙන් නුබේ ලෝකය එලිය උනී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී....
සිරුරේ දුවන්නෙ මගේ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි බර මට දැනුනේ
මහා මෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගේ ලේ කිරි නොවුනේ...
මවකට මුවා වි නුබ වෙත දිවි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
අම්මා වරුන් පමනද මතු බුදුවන්නේ.....
Tuesday, September 24, 2013
Subscribe to:
Post Comments (Atom)

0 comments:
Post a Comment
ඔබගේ ප්‍රතිචාර