සංසාර පුරුද්දට පතාගෙන
අරන් ආ පැතුම් මල් දරාගෙන
නුබේ නිල් නෙත් දිහා බලාගෙන
මම මගේ ජීවිතේ දකිනවා..........
දුකට සතුටට හඩාගෙන
නෙතු කදුලු හිතුමතේ හලාගෙන
ළය මතින් මගේ හිස හොවාගෙන
මම මගේ ජීවීතේ විදිනවා..........ගියත් ගව් සිය ගණන් ගෙවාගෙන
නොනවතින මේ ගමන පුරාවට
මං නුබේ අත ඇගිලි දරාගෙන
සංසාර ගමන් මග ඇදෙනවා...........
උපුටා ගැනීම මගේ සමරු පොතෙන්...........

0 comments:
Post a Comment
ඔබගේ ප්‍රතිචාර