හික්කඩුවේ පිහිටි මිල්ල ශ්‍රී විවේකාරාමය විහාරයට පෙරේදා රාත්‍රියේ
ක්‍රිස්තියානි අන්තවාදී පිරිසකගේ දැවැන්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ.
එම විහාරස්ථානය අවට අනවසර යාඥා මධ්‍යස්ථාන හතරක් පිහිටුවාගෙන ඇති අතර අවට වූ බෞද්ධයින් සීග්‍රයෙන් අන්‍යාගම්කරණයට ලක් කරමින් පවතින බව වාර්තා වී ඇත.
එක් යාඥා මධ්‍යස්ථානයක් හික්කඩුව අමරසේන මාවතෙහි ගාලු පාර පිවිසුම ආසන්නයේ
පිහිටා ඇති අතර, තවත් යාඥා මධ්‍යස්ථානයක් මීටර් 200 පමණ දුරින් එම පාරේ
අනෙක් පස කෙළවර වන බද්දේගම පිවිසුම ආසන්නයේ පිහිට ඇත.
සුනාමියෙන්
පසු හතු පිපෙන්නාක් මෙන් අරම්භ කල මෙම මධ්‍යස්ථාන, නුගත් ගැමියන්ගේ
දුප්පත්කම දඩමීමා කොටගෙන අන්‍යාගම්කරණයේ යෙදී සිටී. මිට පෙරද මෙම යාඥා
මධ්‍යස්ථාන පිලිබඳ පැමිණිලි අපවෙත ලැබුන අතර එහිදී කියවුනේ මෙම යාඥා
මධ්‍යස්ථාන තුල ඔවුන්ගේ ආගම කියාදීමට වඩා සිදුවන්නේ බුධාගම අපහාසයට උපහාසයට
ලක්කිරිම බවයි.
මෙම තත්වය වර්ධනය වී බෞද්ධ විහාරස්ථානයට පවා
තර්ජනයක් එල්ල වන මට්ටමට පැමිණීම මත විහාරාධිපති පුජ්‍ය බඹරවානේ ධම්මසිරි
හිමියෝ ප්‍රාදේශිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් හිමියන් ඇතුළු ස්වාමින්
වහන්සේලාද, ගම් වාසීන්ද රැස් කොට අන්‍යාගම්කරණයෙන් බෞද්ධයා ගලවා ගන්නට
දැනුවත් කිරීමේ රැස්වීමක් පසු ගිය පොහොය දින (මීට දින හතරකට පමණ පෙර)
පවත්වා ඇත.
ඒ පිළිබදව දැනගත් අදාල යාඥා මධ්‍යස්ථානයේ පිරිස්
පෙරේදා රාත්‍රියේ පැමිණ පන්සලට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කළකර විහාරදිපති
හිමියන්ට තර්ජනය කොට ඇත.
"යාඥා මධ්‍යස්ථාන අයින් කරන්න අපි ඉඩ
දෙන්නේ නෑ.. අපි මේකෙන් යන්නෙත් නෑ.. තොපිට ඉන්න බැරි නම් තොපි පලයල්ලා.."
කියමින් කෑ කෝ ගසමින් මොවුන් පන්සලේ හිමිවරුන්ට තර්ජනය කර දැවැන්ත
ප්‍රහාරයක් එල්ල කර ඇත. කුඩා සාමනේර වරුන්ගේ ආරක්ෂාව පිළිබදව සලකා නායක
ස්ථවිරයෝ පන්සලේ දොරගුළු දමා පන්සල තුළට වී ඉන්නට සලස්වා ඇත.
මිට
පෙරද අදාල යාඥා මධ්‍යස්ථානයේ පිරිස් ගාල්ල ප්‍රදේශයේ පාතාල ක්‍රියාකාරිකයකු
වන "රාජා" නමැති පුද්ගලයා යොදගෙන ප්‍රදේශයේ බෞද්ධ පිරිස් වෙත මරණ තර්ජන
එල්ල කර මෙම යාඥා මද්‍යස්ථානයට එරෙහිව පොලිසිය වෙත පැමිණිලි නොකළයුතු බව
දන්වා ඇත.
කෙසේ වෙතත් මෙමෙ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී
හික්කඩුව පොලිසියට මීවනපලානේ ධම්මරතන හිමියන් පැමිණිලක් ඉදිරිපත්කොට ඇති
අතර පොලිස් ස්ථානාධිපති ඇතුළු පිරිසට ඔවුන්ට ඇතිවී තිබෙන අවධානම් සහගත
තත්වය පැහැදිලි කරදී තිබේ.
තවද මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන්
ඉතා ඉක්මනින්ම අත් අඩංගුවට ගන්නා බව පොලිස් ස්ථානාධිපති වරයා විසින්
විහාරාධිපති හිමියන්ට පොරොන්දු වී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් විමසීමට අප සිංහල රාවය සංවිධානයේ නියෝජිතයන් සම්බන්ධ කරගන්න ලදී. එහිදී ඔවුන් පවසා සිටියේ මෙවැන්නක්
"එදා සිංහල රාවයේ පාගමන අවසානවුනු දා අරලියගහ මන්දිරේදී ජනපතිතුමා අපිට
පොරොන්දු උනා තැන් තැන් වල තියෙන අනවසර යාඥා මඩු වහා ඉවත් කරනවා කියල.
ඉතින් එතුමාගේ වචනය විශ්වාස කරලා අපි ඉතා ඉවසීමෙන් බලන් ඉන්නවා පොලිසිය
නිසි පියවර ගනීවි කියල. අපිට අනවශ්‍ය ගැටුම් ඕනේ නැ. හැබැයි පොලිසිය නිතිය
ක්‍රියාත්මක කරන්නේ නැත්නම් අපි එකා එකා විදියට හරි මේ අසාධාරණේට විරුද්ධව
පියවර ගන්නවා.
ඒ කලෙත් චෝලයින්ගෙන් සොළින්ගෙන් රට බෙරගෙන බුධාගමේ
චිරස්ථිතිය නැවත ඇතිකරන්න දුටුගැමුණු රජතුමාත් එක්ක සටනට ගියේ අපේ දකුණේ
මිනිස්සු. මේක හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවන්ගේ ගම. ඒ ගමේ දැන් අපි
කල්ල තෝනි වෙලා. අපි තවත් ඉවසනවා, ඒ ඉවසන්නේ හැබැයි බයට නෙවෙයි.
මේ හතු පිපෙන්න වගේ එන යාඥා මඩු ඉවත් කරන්න රජය පිවර නොගත්තොත් දවස්සක
මිනිස්සුම එකට නිසි පියවර ගනීවි. එදාට හැබැයි මේ ප්‍රාහාරය ගැන කතා නොකරපු
අය අපිට කියවී අපි අන්තාගමින් , කහ සිවුරු ත්‍රස්තවාදියෝ කියල"
copied from siya rata de sirisapa de page...
Wednesday, September 25, 2013
Subscribe to:
Post Comments (Atom)


0 comments:
Post a Comment
ඔබගේ ප්‍රතිචාර