Saturday, September 21, 2013

සපුරා ‍තහනම්..........

සපුරා තහනම්..
ආදරේ මට නම්..
නෙතු පියා ගන්න සදහට,
ටික දිනයි තියන්නේ..
නොදැන ඒ නුඹ විමසුවත්,
ආදරේ දැයි ඔබට මං,
අතරමං වී ගොළු වුනේ..
ආදරේ නිසා.. ♥♥♥

මගෙ අවසන් හුස්ම තුරුළු කර,
මියෙන තුරා ඉන්නවා නම්..
ඔබ නිදනා යහන් සමීපේ,
සුසුමක් වී පාවෙන්නම්..

භවයෙන් භවේ..
ඉමි මග බලා..
ඔබ එයි කියා..
එතුවක් තුරා..
පෙරුමන් පුරා..
එන්නම් සොයා..

හීතල මගෙ දෙතොල් අගට,
වැටෙනා උණු කඳුලැලි පේළි..
දුකයි සිතට ඇස් වහගන්නට,
නුඹ ලඟ සිටින වෙලේදි..

භවයෙන් භවේ..
ඉමි මග බලා..
ඔබ එයි කියා..
එතුවක් තුරා..
පෙරුමන් පුරා..
එන්නම් සොයා.. ♥♥

0 comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාර

Like us on Facebook?

Social Icons

Social Icons

Followers