
සමාජ වෙබ් අඩවි ඔස්සේ පමණක් මෙය සංචරනයකොට තිබුණු හෙයින් එම වීඩියෝව පෙර පටිගත කරන ලද්දක්ද, අලුත් වීඩියෝවක්ද යන්න හදුනාගත නොහැකිව තිබෙනවා.
විනාඩි 19 කට ආසන්න කාලයක් පුරා එම බලු පැටවාට වද දෙමින්, පාගමින් මරණයට පත් කරන අයුරු එම වීඩියෝවේ දැක්වෙන අතර බොහෝ දෙනා එම වීඩියෝව දැකීමෙන් කම්පාවට පත්ව සිටිනවා.
එම වීඩියෝව නැරඹු ඇතැම් උදවිය පවසන්නේ තම ජීවිත කාලය තුල දුටු කුරිරුතම වීඩියෝව මෙය බවයි. ඇතැම් උදවිය පවසන්නේ මෙම වීඩියෝව මුදල් ඉපයීමේ අරමුණෙන් නිපදවුවක් විය හැකි බවය.
තවද පිලිපීනයේ අන්තර්ජාල පරිශීලකයන් පවසන්නේ මෙහි සිටින කාන්තාවන් පිලිපීන ජාතිකයන් නොව තායි ජාතිකයන් බවය.

කෙසේ වෙතත් එම තිදෙනාගෙන් කිසිවෙක් තවමත් හදුනාගැනීමට අපොහොසත්ව තිබෙනවා. මෙම සංවිධානයට එරෙහිව සත්ව සුබ සාධන සංවිධාන වන PETA, හා PAWS සංවිධානය ඉදිරිපත්වී ඇති අතර ඔවුන්ට දිනකට දහස් ගණන් දුරකථන ඇමතුම් හා ඊමේල් මේ සම්බන්ධව ලැබෙන බවද මාධ්‍යය නිවේදනයක දක්වා තිබුණි.
පසුගිය වසරේද පිලිපීනයේ යුවලක් මෙලෙස සතුන්ට වැඩ දෙමින් වීඩියෝගත කිරීම පිලිබඳ අත්අඩංගුවට පත්වී තිබුණි. සතුන්ට මෙවන් අයුරින් හිංසා කිරීම , පටිගත කිරීම හා ඒවා බෙදාහැරිම නීතිවිරෝධී වන අතර එම හැසිරීම් ඇතැමුන්ගේ ලිංගික ආශාවේ ස්වභාවය (Fetish) අනුවද සිදුවන බව විදෙස් මාධ්‍යය වාර්තා පලකොට තිබුණි.

කෙසේ වෙතත් ෆේස්බුක් විසින් එම වීඩියෝව අදවනවිට ඉවත්කර ඇති අතර සතුන්ගේ සුභසාධනය වෙනුවෙන් පෙනීසිටින සංවිධාන පිලිපීන වැසියන්ගෙන් ඉල්ලන්නේ මෙම කාන්තාවන් හදුනාගත හැකිනම් ඔවුන් වෙත දන්වන මෙන්ය.
කරුණාකර පහත දැක්වෙන වීඩියෝව සංවේදී පිරිස් නැරඹීමෙන් වලකින්න.

0 comments:
Post a Comment
ඔබගේ ප්‍රතිචාර