Sunday, October 13, 2013

ඇත්තටම මොකද වෙන්නේ....


හොර මත්පැන් වැඩිවිමට හේතුවඅරක්කු ඇතුළු සෙසු විධිමත්ව නිෂ්පාදනය කරන මත්පැන්වලින් රජය අධික ලෙස බදු අය කිරිම නිසා රටපුරා හොර මත්පැන් භාවිතය වැඞී වී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි.
පසුගියසති කිහිපයකට පෙර හොර මත්පැන් පිළිබඳ අදහස් දැක් වු මුදල් නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම කියා සිටියේ කසිප්පු ආදි හොර මත්පැන්වලින් බදු අය කිරීම පිළිබඳ සලකා බැලීම නිවැරදි බවයි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කලේ දැනට රුපියල් 850-900 අතර මිලකට අලෙවි වන මොලැසස් හෙවත් ගල් අරක්කු බෝතලයකින් (මි.ලි.750) රජය රුපියල් 492/- ක පමණ බදු මුදලක් අය කරන බවයි.
ඒ අනුව නිෂ්පාදන සමාගම්වලට අරක්කු බෝතලයක් අලෙවි කිරීමෙන් ලැබෙන්නේ රුපියල් 358 -408 අතර මුදලකි. වැඩි ආදායම ලැබෙන්නේ රජයටය.ආණ්ඩුව අධික ලෙස බදු අය කල ද නිෂ්පාදන වියදම්, පරිපාලන වැය සහ සෙසු පිරිවැය ආවරණය කරගෙන ලාභයක් ලබා ගැනීමට ද සුරා සමාගම්වලට මෙම මුදලින් හැකි වී තිබේ.
හොර මත්පැන් අවම කිරීමට නම් කල යුත්තේ ඒවාට බදු අය කර නිතීගත කිරීමට කතා කිරීම නොවන මත්පැන්වලට දැනට රජය අය කරන අධික බදු මුදල් අඩු කර එහි මිල අඩු කිරිම බව බොහෝ දෙනෙක් කියති.

අන්තර් ජාලය ඇසුරෙනි......
ඔබේ අදහස් දක්වන්න

0 comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාර

Like us on Facebook?

Social Icons

Social Icons

Followers