Wednesday, October 16, 2013

තනි සිහිනය.....

දෑගිලි අතරින් ගිලිහුණු
සෙනෙහෙ පැතුම් බොදවෙන්නේ....
ඉපදී මියගිය පෙම් සිත
ඇයි මේ හැටි වද දෙන්නේ....
මට හිමි නැති මගේ ලොවට 
ඔබ සද රැජිණිය වැනනේ....
තවත් වේදනා දුක්ගිනි කොහොමද මම උහුලන්නේ.....
ජීවිතයම මට වැරදුනි 
සෙනෙහස සෙවු දිවි ගමනේ.....
අතහැර යනු බැරි කිසිවක්
ඔබ හැර වෙන නෑ තිබුනේ......
හුරතලයද,බොළදකමද,ආදරයද 
වරද උනේ........
මහමෙර සරි පෙමක් නිසා 
කදුලු පමනි මගේ උරුමේ.....
ඊයෙ තිබුන හිත අද නෑ 
කදුලින් නෙත් හැඩවෙන්නේ....
සමුගෙන යන්නට සිතුවත්
හදවත නෑ වාවන්නේ......
මට හිමි නැති නුබේ ලොවෙන්
සමුගෙන පිටවී යන්නේ.....
නුබෙන් බොහෝ රිදවුම් ලද
සිත විතරයි ගෙනියන්නේ......


ගීත්  උදාර.........

0 comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාර

Like us on Facebook?

Social Icons

Social Icons

Followers