Sunday, October 20, 2013

මේක කාලෙකට කලින් පත්තරේක දැකපු එකක්.


එකතරා ගොවිතැන් බතින් දිවි ගෙවපු ගමක අකාලයේ සැමියා මිය ගිය තරුණ රූමත් කාන්තාවක් තනිවම ජීවත් වුණාලු.මේ කාලෙ මේ ගමේ ගොවිතැන් රැකියාවකට පිට ගමකින් තරුණ ඉළන්දාරියෙක් ආවලු. මේ ඉළන්දාරියාට මේ කාන්තාව ගැන හිතක් පහළ වුණාලු. දවසක් කුඹුර ළඟදි මේ කාන්තාව දැකපු තරුණයා මේ යෝජනාව ඇයට ඇහෙන්නට කවියකින් ගෙනාවලු මෙහෙම.

අකළට පුරන් වූ කුඹුරක් දකින කොට.......
හදවත කසන ගතියක් ඇත ගොවියෙකුට.........
ආවේ කුඹුර අස්වද්දන හැඟුම පිට........
නැතුවට නෙවෙයි සින්නක්කර කුඹුරු මට.......

මේ ගැන එච්චර කැමැතතක් නොදක්වපු තරුණ කාන්තාව ඒකට උත්තර බැන්දලු මෙන්න මෙහෙම.....

අකළට පුරන් වූවත් ලොව දහම උඩ......
අඳ හොවියෙකුට මේ කුඹුරේ නොමැත ඉඩ......
ට්‍රැක්ටරයකින් කුඹුරක් කළ පසුව මඩ......
නගුලක් රැගෙන විත් මොනවද කරන වැඩ.......

0 comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාර

Like us on Facebook?

Social Icons

Social Icons

Followers