Thursday, October 24, 2013

සිරි ලකට කෙලවෙල.................

(මේක මට ආපු e-mail එකක් හොදේ)

ක්‍රීඩකයො ගායකයො වෙල
ගායකයො ආණ්ඩුකාරයො වෙල
ආණ්ඩුකාරයො ගහ කොළ කපල විකුණල
හින්ද අලි අනාථ වෙල
පහේ ශිෂ්‍යත්වය ලියන ළමයිනුත් අනාථ වෙල
ගුරුවරු දණින් හිටුවල
වැඩිමනක් ගුරුවරු ව්‍යාපාරිකයො වෙල
දොස්තර ගොල්ලත් ව්‍යාපාරිකයො වෙල
ඒ මදිවට විශේෂඥ දොස්තරවරු දෙවිවරු වගේ වෙල
දෙවිවරුන්ගේ භාණ්ඩාගාර පිරිල ඉතිරිල
දෙමව්පියො ළමයි විභාග පාස් කරල දෙන්න කියල
දෙන අල්ලස් රැස් කරල
දෙමව්පියො ළමයි වෙල
ළමයි දෙමව්පියො වෙල
හින්ද උන් නාහෙට අහන්නේ නැති චණ්ඩි වෙල
චණ්ඩි හාමුදුරුවරු වෙල
හාමුදුරුවරු පොලිස්කාරයො වෙල
පොලිස්කාරයො හොරු වෙල
හොරු දෙශපාලඥයො වෙල
දෙශපාලඥයො මළවුන් වෙල
මළවුන් හොල්මන් වෙල
හොල්මන් නිළියො වෙල
නිළියො ගණිකාවන් වෙල
ගණිකාවන් නිවේදිකාවන් වෙල
නිවේදිකාවන් කලාකාරයො වෙල
කලාකාරයො සුපිරිතරු විනිශ්චයකාරයො වෙල
විනිශ්චයකාරයො හිරකරුවො වෙල
සුපිරි තරු රණවිරුවො වෙල
රණවිරුවො මාධ්‍ය ප්‍රකාශකයො වෙල
මාධ්‍ය ප්‍රකාශකයො අතුරුදන් වෙල
අතුරුදන් වූවන් සොයන්නන්ද අතුරුදන් වෙල
අතුරුදන් වූවන් රට පැනල
රට පැනපු උන් දේශද්‍රෝහීන් වෙල
දේශද්‍රෝහීන් දේශප්‍රේමීන් වෙල
ප්‍රභාකරන් ජීවතුන් අතර හිටයනම් ඌත් මෙලහට දේශප්‍රේමින් ගොඩට එකතු වෙල
දේශප්‍රේමීන් රජය වෙල
රජය පවුල සංස්ථාව වෙල
පවුල සංස්ථාව රූපවාහිනිය ඉස්සරහට වෙල
හින්ද බත රොස් වෙල
හැමෝටම තමන්ගෙ නිසි චරිතෙ අමතක වෙල
තමාට අයිති නැති චරිත රඟපානව පණ්ඩිත වෙල
අධ්‍යක්ෂක මරා දාල
නරඹන්නා අන්ද මන්ද වෙල
මේ සමාජ රඟ මඬල
මේ නාටකය එකම එක විගඩමක් වෙල

0 comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාර

Like us on Facebook?

Social Icons

Social Icons

Followers