මේ තරම් සියුමැලිද කලු ගල්.........හිතන්නටවත් බැරි නිසා.....
මම ගියා අවුකන බුදුන්ටත්.......... දෑස් දුන් මිනිසා සොයා......
ගල් කැපීමද එක්තරා ආකාරයක කළාවකි.......දන්නෝ කපති...... නොදන්නෝ හඩති..... කෙසේ නමුත් සුලුවෙන් හෝ උගත යුතු කළාවකි.....කලුගල් සුමට නැත..... වඩුවාගේ හැකියාව අනුව ගල සුමට කල හැක..... ගල් කටුව හා මිටිය......හැසිරවීම පහසු නැත.....වැඩේ කරගත්තොත් ගොඩය... නැත්නම් වර්චස්ය...
පිටරැටියෝ එති..... මේවා බලා සතුටු වෙති..... කෑ තැන නොඉදිති..... බායි කියා යති..... බායි......අපිත් සමුදෙති.....නැවත එති..... කති බොති ප්‍රීති වෙති.....
කොළොම් තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම.........
මෙය කට කහනවට නොකීවකි.... කතාව අමූලික ඇත්තය...... ඔවුහු අපේ සාරය උරා බොති......අවසන රොඩ්ඩද කති.....
අපේ මුහුද ලස්සනලු....... ඉර පායනවලු..... තව මොකද්දෝ හොදයිලු.....ඉතිං දේශීය වෛද්‍ය සෑස්තරේට දැන් සරුයිලු.....දොස්තරලට වඩා ඒ සේවය සලසන වෙද මැදුරු තියෙනවලු...... හැරිලා බලනකොට අපිට වැරදිලාලු.....ආයෙ හැරෙන්න බැරිලු.....පෙරලුන පිට හොද හින්දා හබල් ගානවලු...... නැත්තම් මකර කටේලු....
සුදු වෑන් වලින් කරදරලු.....ඒත් වැඩ ජයටම වෙනවලු....ග්‍රීස් ටින් අස්සේ හෙරොයින් එනවලු... එන ඒවා විතරක් අල්ලනවලු..... යන ඒවා තහනම් ලු...... කියනකොට රිදෙනවලු කරන්න හොදයිලු.....
කුරුදු වලටත් සරුයිලු......කොච්චරද කියනව නම් දැන් පොලු පවා ගිනි ගනන්ලු....... හිරිකිත නැල්ලු..... හොරෙන් කාල පුරුද්දක් තියෙනවලු.....ලස්සනට වැඩේ වෙනවලු..... හැබැයි හිත කැතයිලු..... ප්‍රශ්නේ එතනලු......
කිරිපිටි ආයෙත් එනවලු......උඩින් ස්ටිකරයක් අලවන්න කිව්වලු..... ඩොලර් තියෙනව නම් වසත් බීම කියලා විකුණන්න දෙනවලු......මේ අස්සේ ඉන්දියාව පිස්සු කෙලිනවලු...... චෝගම් එන්න බැරිලු...... ආයෙත් ඊලම ඕනෙලු.......ඒවනම් ඉතිං සුරලොව සිහිනලු.....
අවසානෙට බලනකොට ලෝකය රගමඩලක් ලු...... මේ විකට ජවනිකාවක් ලු....
අදට ඉවරයිලු.......
Wednesday, October 23, 2013
Subscribe to:
Post Comments (Atom)

1 comments:
කතාව නම් ඇත්ත තමා..... ඒත් ටිකක් පරිස්සමින් හිටපන්...... උඹටත් සුදු වෑන් එවයි......
Post a Comment
ඔබගේ ප්‍රතිචාර