Thursday, October 10, 2013

ටජ් මහලට පිටුපා සපත්තු මාරු කළැයි ලෝක රූ රැජිනට නඩු

දින 10ක සංචාරක් සඳහා මේ දින වල ඉන්දියාවට පැමිණ සිටින ලෝක රූ රැඡණ Olivia Culpo ට එරෙහිව නඩුවක්‌ ගොනු කිරීමට ඉන්දියානු පුරාවිද්‍යා බලධාරීහු තීරණය කර තිබෙනවා

ඒ ඇය විසින් ටජ් මහ ඉදිරියට පැමිණ ටජ්මහලට පිටුපා සපත්තු මාරු කරමින් වෙළඳ දැන්වීමකට පෙනී සිට තිබෙන නිසයි.

සපත්තු දැන්වීමට පෙනී සිටීම සඳහා ඇය පැමිණ තිබෙන්නේ මෝස්තර නිරූපන සැලසුම් ශිපියෙකු හා පුවත්පතක ජායාරූප ශිල්පියෙකු සමඟයි.


ටඡ් මහල් මැඳුර ඉදිරියේ ප්‍රචාරක කටයුතු සිදු කිරීම ඉන්දීය අධිකරණය විසින් තහනම් කර තිබෙන අතර ඔලිවියා ටඡ්මහල් මැඳුර ඉදිරියේ සිය පාවහන් මාරුකරන අයුරු ඡායාරූප ශිල්පීහු ඡායාරූපගත කර තිබෙන්නේ පසුගිය ඉරිදා සවසයි.

සපත්තු පැලැදීමේදී ටජ්මහල් මන්දිරයට පිටුපස හැරවූ බවටද චෝදනාවක් එල්ලවී ඇති අතර එම අවස්‌ථාවේ සංචාරක පොලිසිය ඒ ගැන පියවරක්‌ ගෙන නොතිබීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ලවී ඇත.




0 comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාර

Like us on Facebook?

Social Icons

Social Icons

Followers