Friday, October 11, 2013

මම කැමතියි නෑනට නෑන කැමති නෑ මට



ජය මංගල ගී තාලෙට පිඹ පිඹ බට දඬු නලා..
ජය පැන් බොන සෙබළු රැලක් විලසට හඬ තල තලා..
රසකර මම පවසන්නෙමි මිනි කිංකිණි සොලවලා..
අසනු මැනවි අසනු මැනවි අසනු මැනවි තුටු වෙලා..

පරයන ඉඳුනිල් කැට නැහැ දෙනෙතෙහි ඇති කැල්මට..
වසඟ නොවී ගියේ කවුරුද නැනගේ එක බැල්මට..
මම කැමතියි නෑනට නෑන කැමති නෑ මට..//

පොත් ටික තුරුලට අරන්..මුව මද හස රැලි පෙරන්..
පාසල් යන දෙවට දිගේ නෑනා මගේ රත්තරන්..
මම කැමතියි නෑනට නෑන කැමති නෑ මට..//

අඩ සඳ වන් නළලතේ.. චන්දන තිලකය ඇතේ..
සිකි පිල වැනි කෙස් කලඹට..මුහුදේ රල පැරදෙතේ..
මම කැමතියි නෑනට නෑන කැමති නෑ මට..//

මුහුදෙහි රල පෙළ ගැසී..ගමන සදිසි යන ලැසි..
ඇගෙයි මගෙයි ආදරයට.. ආසිරි මල් වැසි වසී..
මම කැමතියි නෑනට නෑන කැමති නෑ මට..//

නෑඹුල් රස කිති කැවී..නව රස දුන් සරසවී
මගේ දුප්පත් පැලේ ඉන්න.. එනවද මඩු මාධවී..
මම කැමතියි නෑනට නෑන කැමති නෑ මට..//

ඔබෙන් ලැබෙන තොත්තුවේ..රසයට හද පත්තුවේ..
කිරී පැණි වගේ ඉන්න එනවද මගේ වස්තුවේ...
මම කැමතියි නෑනට නෑන කැමති නෑ මට..//

කරදර බාදක මැද්දේ..දිවි ගඟ පහලට ඇද්දේ..
ගල් පර දැක පෙරමුණේ..මොන නදියද නැවතුනේ..
මම කැමතියි නෑනට නෑන කැමති නෑ මට..//

හසරැලි නැත්නම් මුහුණේ..සිතුවිලි ලස්සන නැහැනේ..
වේදනාව නැති ලොවෙහී ...ජිවිත රසවත් නොවේ..
මම කැමතියි නෑනට නෑන කැමති නෑ මට..//

ගන්නට නොම වාඩුවක්..නැහැ මට ඉන් පාඩුවක්..
හදමුද අපි කුඩුවක්..වෙමුද පරවී ජෝඩුවක්..
මම කැමතියි නෑනට නෑන කැමති නෑ මට..//

නෑන කැමති නැ... මට........

0 comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාර

Like us on Facebook?

Social Icons

Social Icons

Followers