Sunday, October 20, 2013

-----------------ඉන්ටවිව් එක-----------------



දවසක් පොලිසියට බැදෙන්න කැමති කොල්ලෙක් සම්මුඛ පරීක්ෂනෙට ( ඔව් ඔව් ...බං අර ඉන්ටවිව් කියන්නේ සිංහලෙන් ) ගියාලු ඒ පැත්තේ පොලිස් අධිකාරීතුමාගේ කාර්යලයට.
දැන් මේ කොල්ලගෙන් අධිකාරීතුමා ප්‍රශ්න අහනවලු...කොල්ලත් ඉතින් අරින්නේ නෑ ලු...ඔං ඔහොම ගිහින් අධිකාරීතුමා ඇහෙව්වලු මෙහෙම ප්‍රශ්ණයක් .

“කවි සිළුමිණ ලිව්වේ කව්ද ???”

(පැහැදිලි කිරීමයි -ඉස්කෝලේ යන කාලේ ඕක අහල තිබුනට මන් දන්නෙත් නෑ ඕක මොකද්ද කියල)

දීපන්කො උත්තර…..කොල්ලත් නිකන් කරකවල අතෑරියා වගේලු. පොර දැන් උඩ දාගෙන සිරාවටම කල්පනා කරනවලු….

පොලිස්අධිකාරී තුමත් ලගදී සේවයට අපු හොද මනුස්සයෙක් නිසා …. මිනිහ ඉතින් මෙහෙම කිව්වලු ..

“හදිස්සියක් නෑ ...හිමීට කල්පනා කරලා උත්තරේ කියනවකො ”

මේ අතරේ අධිකාරීතුමාට විනාඩි 5කට එලියට යන්න ඕන උනාලු..පොර යන ගමන් ළග හිටපු රාළහාමි කෙනෙක්ට මෙහෙම කිව්වලු..

“මම එනකල් අර මගේ ඔෆිස් එකේ ඉන්න කොල්ලගෙන් කවි සිළුමිණ ලිව්වේ කව්ද ??? කියල අහල තියා ගන්නවා” කියල

දැන් අධිකාරීතුමා විනාඩි 5කින් එනව...දැන් පොර ඔෆිස් එක ඇතුලේ දකින සීන් 1 මෙහෙමයි ….
අර කොල්ල පුටුවත් පෙරලගෙන හතර ගාතේ දාල බිම වැටිලා ඉන්නවා..රාළහාමි මහත්තය ආඩම්බරෙන් උඩු රැවුල කරකෝ කරකෝ ඉන්නවා. ලොක්කට මේක දැකල මඥ්ඥo වෙලා මෙහෙම ඇහුවලු..

“මොකද අයිසේ මේ වෙලා තියෙන්නේ” කියල .

එතකොට අර රාළහාමි මෙහෙම උත්තර දුන්නලු ..

සර්….. සර්ලත් නිකං මේ පොරවල් හුරතල් කරනවනේ … මන් දෙකයි ඇන්නේ...ඔය අපුරුවට පිළිගත්තේ කවි සිළුමිණ ලිව්වේ ඌ කියල….

0 comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාර

Like us on Facebook?

Social Icons

Social Icons

Followers