මහ ගොලුවගේ කාටත් ඉඩ ඇති ඉඩම.....
ඇයටත් ලබා දුනි සිව් රියනක උරුම.....
තෙරපෙන්නට එපා ඔය හැටි වල උඩම......
ඇගෙ ලැම රිදෙයි ඇහුනද සුදු මල් වඩම......
මගේ තර්කය අනුව නම් ඕනෑම කෙනෙකුට තවත් අයෙක්ව සිනහ නැංවිය හැකි නමුදු..... තවත් කෙනෙක්ගේ දෙනෙතට කදුලු නැංවෙන ලෙස භාෂාව හැසිරවිය හැක්කේ සැබෑ කළාකරුවෙකුට පමණි......
කර්තෘ නොදන්නා නමුත් මෙයද මාගේ සිතේ කලකට පෙර සිට තැන්පත්ව තිබූවකි......
ආලය මුලාවකි ප්‍රේමය ලතාවකි....
අපි වැනි අයට එය කිරිපැනි පිගානකි...
කොපමන පඩිවරුන් කිව්වත් අනාවැකී......
ආලය මිනී වල හාරන උදැල්ලකී.......
කමෙන්ට් කරනවා නම් ඒක ලොකු හයියක්.......

0 comments:
Post a Comment
ඔබගේ ප්‍රතිචාර